Showing posts with label Blog. Show all posts
Showing posts with label Blog. Show all posts
නිම්මි මනෝහාරි හෙවත් කවුරුත් දන්න පොඩ්ඩිට වෙච්ච අලකලංචිය
ස්වර්ණවාහිනියෙ නාඩගම්කාරයො කිව්වම දැන් නොදන්න කෙනෙක් නැති තරම්. මේ කියන්න යන්නෙ නම් නාඩගම්කාරයො ගැනවත් ස්වර්ණවාහිනිය ගැනවත් නෙවෙයි.
නාඩගම්කාරයො එකේ පොඩ්ඩිගෙ, ඒ කියන්නෙ නිම්මි මනෝහාරි ගෙ ෆේස්බුක් පේජ් එක මේ වෙද්දි ඇයට අහිමි වෙලයි තියෙන්නෙ. හේතුව විදියට නම් සඳහන් වෙන්නෙ එයාගෙ පේජ් එක නඩත්තු කරගෙන ආපු කම්පැණි එකේ කොන්දේසි කැඩීමලු. ඒ නිසා අදාළ සමාගම විසින් ඇයගේ පේජ් එක වාරණයකට ලක් කිරීමක් කරලලු.
1998 මාර්තු 21 වනදින නුවර දී උපත ලබපු ඇය පාසල් ගොස් ඇත්තේ නුවර සීතා දේවි විද්‍යාලයටයි. තවමත් 23 වියේ පසුවන ඇය උපතින්ම බෞද්ධ කෙල්ලෙක්.
කොහොම උනත් නිම්මි නම් කියන්නෙ එයාගෙ අතේ වැරැද්දක් නෑ කියලමයි. මේ ප්‍රශ්නෙට විසඳුමක් විදියට නිම්මි අලුතින් ඔෆීශියල් පේජ් එකක් පටන් අරගෙන තියෙනව. පහළින් ලින්ක් එක දාන්නම් අලුත් පේජ් එක ලයික්, ෆලෝ, ශෙයා කරල පුළුවන් විදියට පොඩ්ඩිට සහයෝගයක් දෙන්න.
ශ්‍රී ලංකාවේ පාරම්පරික සහල්
ඈත අතීතයේ අපගේ හෙළ මුතුන් මිත්තන් වස විසෙන් තොර කෑම වේලක් ලබා ගනීමට නිරන්තරයෙන්ම උත්සුක විය. ඔවුන් වගා කළ වී වර්ග(Rice) ඇතැමෙක් අසා වත් නැතුවාට සැක නැත. පසුගිය දිනවල ප්ලාස්ටික් වලින් සෑදූ සහලක් ශ්‍රී ලාංකාවේ වෙළඳපොළට පැමිණීම නිසා බත් කෑමත් තව දුරටත් සිතා බැලිය යුතු කරුණක් විය. ගංඟා, වැව්, පොකුණු දාස් ගණනක් තබාගෙන, අපගේ කුඹුරු පුරන් වන්නට ඉඩ දී පිටරටින් ප්ලාස්ටික් හාල්(Plastic rice) ගෙනවිත් ගිල්ලවීමට ලාංකේය පාලකයින් තව දුරටත් සැදී පැහැදී සිටිති. රට වටේටම මුහුද තිබෙද්දී ලුණු, කරවල, මාළු, උම්බලකඩ පිට රටින් ආනයනය(import) කර කොමිස් මුදල් ලබාගන්නා පාලකයින් සිටින රටක තවත් කුමන කතාද.? එය මින් හමාර කර අපගේ හෙළ මුතුන් මිත්තන් වගා කළ සහල් ගැන කෙටියෙන් සටහනක් තබන්නම්.,
වී ශාකය
| කුලය | විශේෂය | උප-විශේෂය |
|---|---|---|
| Poaceae | Oryza sativa L. | indica |
1) මඩතවාලු - Madathawaalu
රතු සහලක් වන මඩතවාලු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පාරම්පරිකව වගා කෙරුනු සහල් ප්‍රභේදයකි. මෙය සෙන්ටි මීටර් 105-140 අතර උසක් දක්වා වැඩෙන අතර වපුරා මාස 4කින් පමණ අස්වනු නෙළා ගත හැක. සාමාන්‍යයෙන් පඳුරු 20-30ක් පමණ හට ගනී. ශ්‍රී ලංකාව තුළ වගා කරනු ලබන පාරම්පරික සහල් ප්‍රභේද අතරින් වැඩිම අස්වැන්නක් ලබා දෙන ප්‍රභේදයකි. (බුසල් 110ක් පමණ ) මෙම වී වර්ගය කාබනික වී වගාව ආශ්‍රිතව වඩා හොඳින් වැවේ. මේ වන විට දිවයින පුරාම පාහේ මඩතවාලු වගා කරනු ලැබේ.
මිනිස් සිරුරේ ප්‍රතිශක්ථිය ඉහළ නැංවීමේ හැකියාවක් අති මෙය ඩියවැඩියා රෝගීන්ට ප්‍රථිකාර කිරීම සඳහාද අතීතයේ සිටම යොදා ගෙන තිබේ. ශරීර ශක්තිය වඩවන සහල් වර්ගයක් ලෙස ප්‍රකට මඩතවාලු දියවැඩියාව හා ඔක්සිකාරක ආතතිය වැනි රෝගී තත්වයන්ගෙන් පෙලෙන පුද්ගලයන් සඳහා යෝග්‍ය බව විද්‍යාත්මක මතයයි.
2) සුදු හීනටි - Sudu hiinati
සුදු හීනටි යනු 'හීනටි' නැමැති කුලයට අයත් වන ශ්‍රී ලංකාවේ පාරම්පරිකව වගා කෙරුණු රතු සහල් ප්‍රභේදයකි. පිට පොත්ත හෙවත් දහයියා කොටස සුදු පැහැයෙන් දිස් වීම නිසා මෙය සුදු හීනටි ලෙස හදුන්වනු ලබයි. සුදු හීනටි ගොයම් පැළය සෙන්ටි මීටර් 135ක් පමණ උස් වන අතර වපුරා මාස 4කින් පමණ අස්වනු නෙළා ගත හැකි වේ. අක්කරයට බුසල් 60ක් 0ක් පමණ අස්වැන්නක් ලබා ගත හැකි මෙය කාබනික වී වගා ක්‍රම යොදා ගෙන වගා කිරීමෙන් වැඩි අස්වැන්නක් ලබා ගත හැකි වෙයි. ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම පාහේ වගා කරනු ලබන සුලභ වී වර්ගයක් ලෙස සුදු හීනටි හැදින්විය හැක.
ශරීර ප්‍රතිශක්තිය ඉහළ නැංවීමට හේතු වන සහල් විශේශයක් වශයෙන් පැරැන්නන් අතර ජනප්‍රිය වූ සුදු හීනටි මළ බද්දයෙන් පීඩා විඳින්නන් හට උචිත වන අතරම ශරීර ශක්තියද වඩවයි. ප්‍රදාහය ( ඉදිමුම් රෝග ), දියවැඩියාව, පිළිකාව, ස්නායු රෝග, අධික කොලෙස්ටරෝල් සහ ඔක්සිකාරක ආතතිය වැනි රෝග නිවාරණ ශක්තියක්ද ඇති මෙය විටමින් ඊ සහ ස්වභාවික ප්‍රති ඔක්සිකාරක සංයෝග වලින් පොහොසත්ය.
3) දික් වී - Dik Vii
දික් වී යනු මධ්‍යම ප්‍රමාණයේ පාරම්පරිකව වගා කෙරුනු ශ්‍රී ලාංකීය රතු සහල් ප්‍රභේදයකි. නමින්ම හැඟවෙන පරිදි එය දිගටි හැඩයක් ගනී. සෙන්ටි මීටර් 130-150ක් පමණ උසට වැඩෙන මෙය වපුරා 4ක් 4 1/2ක් අතර කාලයේදී අස්වනු නෙළා ගත හැක. මෙහි පඳුරු 10ක් 12ක් පමණ විශාල ප්‍රමාණයක් හට ගැනීම විශේෂ කරුණකි. පැසෙන කාළයේදී මෙහි කඳ කොටස ළා නිලට හුරු පැහැයක් ගන්න අතර අක්කරයකට වී බුසල් 80ක් 85ක් පමණ අස්වැන්නක් ලබා දෙන මෙය වාණිජමය වශයෙන්ද ප්‍රතිලාභදායී වර්ගයකි. මෙය තෙත් කළාපයෙහි සුලභව වැවෙන වී වර්ගයකි.
ප්‍රදාහය ( ඉදිමුම් රෝග ), දිය වැඩියාව, පිළිකා, ස්නායු රෝග, කොලෙස්ටරෝල් වැනි රෝග රාශියක්ම පාලනය කිරීම සහ මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය වන ඖෂදීය ගුණයෙන් යුතු දික් වී වලින් හොඳම සෞඛ්‍යමය ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි වන්නේ නිවුඩ්ඩ සමග ආහාරයට ගැනීමෙනි.
4) ගෝනබරු - Goonabaru
ගෝනබරු යනු මධ්‍යම ප්‍රමාණයේ රතු සහල් ප්‍රභේදයකි. සෙන්ටි මීටර් 140ක් පමණ උසකට වැඩෙන ගෝනබරු වලින් මාස 5කින් පමණ අස්වනු නෙළා ගත හැකිය. අනෙකුත් පාරම්පරිකව වැවෙන වී වර්ග හා සැසදීමේදී මෙම පැළයක හට ගන්නේ 3ක් 5ක් තරම් සුළු පඳුරු සංඛ්‍යාවකි. අක්කරයකට බුසල් 50ක් 60ක් පමණ ලබා ගත හැකි අතර අනෙකුත් සහල් වර්ග සමග බලන කල මෙය සතුටුදායක මට්ටමේ අස්වැන්නකි. ගෝනබරු වියළි හා තෙත් කළාප ආශ්‍රිතව වගා කරනු ලැබේ.
දියවැඩියාව සහ ඔක්සිකාරක ආතතිය පාලනය කිරීම සඳහා අවශ්‍ය ඖෂධීය ගුණයෙන් පොහොසත් ගෝනබරු වල යකඩ සහ සින්ක් අගයද ඉහළය.
5) දහනල - Dahanala
දහනල යනු පාරම්පරිකව වගා කෙරෙන ශ්‍රී ලාංකීය රතු සහල් ප්‍රභේදයකි. පැළ මැක්කන්ගේ තර්ජනයට ලක් නොවන මෙහි පත්‍ර බූව සහිතය. වපුරා මාස 3 1/2 කින් පමණ අස්වැන්න නෙළා ගත හැකි දහනල ප්‍රභේදය සාමාන්‍යයෙන් සෙන්ටි මීටර 120ක් පමණ උසට වැඩේ. මෙහි හට ගනු ලබන්නේ 4ක් 5ක් පමණ සුළු පඳුරු සංඛ්‍යාවක් වන අතර කොළ පාළුව රෝගයට පහසුවෙන් නැඹුරු වීමේ ප්‍රවණතාවයක් දක්වයි. මෙහි අස්වැන්න අක්කරයකට බුසල් 30ක් 35ක් පමණ වෙයි. වැඩි වශයෙන් මෙම වී වර්ගය වගා කරනු ලබන්නේ තෙත් කළාපයේය.
දියවැඩියාව සහ ඔක්සිකාරක ආතති වැනි තත්ව පාලන කිරීම සහ මැඩ පැවැත්වීම සඳහා ඖෂධීය ගුණයෙන්ද යුතු දහනල ප්‍රෝටීන් සහ යකඩ බහුල සහල් වර්ගයක් වේ.
6) ගොඩ හීනටි - Goda hiinati
ශ්‍රි ලංකාවේ ඉතා ජනප්‍රිය මධ්‍යම ප්‍රමාණයේ රතු සහල් ප්‍රභේදයක් වන 'ගොඩ හීනටි', "හීනටි" නම් කුලයට අයත් වෙයි. පොත්ත දුඹුරු පැහැයට හුරු රතු පැහැයකින් යුතු මෙහි පත්‍රද දුඹුරු පැහැයක් ගනී. සාමාන්‍යයෙන් සෙන්ටි මීටර් 150-160ක් පමණ උසට වැඩෙන මෙහෙ අස්වනු නෙළීමේ කාල සීමාව වපුරා මාස 3 1/2 කිනි. අස්වැන්න අක්කරයකට වී බුසල් 60ක් 65ක් පම්ණ ලබා ගත හැකිය. අතීතයේ දිවයිනේ උස් බිම්වල සුලභ වූ ගොඩ හීනටි මේ වන විට සෑම ප්‍රදේශයකම වගා කරනු ලැබේ.
මෙම සහල් වර්ගය ආහාරයට ගනීමෙන් ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය වන බව අතීතයේ සිටම පිළිගත් මතයකි. මේ අතර ප්‍රදාහය ( ඉදිමුම් රෝග ), දියවැඩියාව, පිළිකා, ස්නායු රෝග, ආදී ලෙඩ රෝග නිවාරණයට මෙහි විශේෂ හැකියාවක් පවතී. එමෙන්ම මෙම ගොඩ හීනටි සහල් වර්ගය ප්‍රෝටීන්, විටමින් ඊ සහ ස්වභාවික ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් සහල් වර්ගයකි. ගොඩ හීනටි වඩාත් ගුණදායක වීම සඳහා නිවුඩ්ඩ සහිතව ආහාරයට ගත යුතු වේ.
7) කලු හීනටි - Kalu hiinati
පාරම්පරික රතු සහල් වර්ගයක් වන කලු හීනට ද "හීනටි" කුලයටම අයත් වෙයි. දහයියා කොටස කලු පැහැයක් ගනීම නිසා මෙය කලු හීනටි එස හැදින්වෙයි. මෙය සෙන්ටි මීටර් 110-120ක් දක්වා උසකට වැඩෙන අතර වපුරා මාස 3 - 3 1/2ක් අතර කාලයකින් අස්වැන්න ලබා ගත හැකිය. සාමාන්‍යයෙන් මෙහි පඳුරු 5ක් 8ක් පමණ වැඩෙන අතර වියළි කළාපයේ ඉතා හොඳින් වැවේ. අස්වැන්න අක්කරයකට වී බුසල් 30ත් 50ත් අතර වේ.
සිරුරේ ඇති විවිධ විෂ නැසීම සඳහා විශෙෂයෙන් වැදගත් වන කලු හීනටි සර්ප විෂට ප්‍රතිකාර කිරීම සඳහා අතීතයේ භාවිතා කර ඇත. යකඩ සහ සින්ක් පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් අනූන කලු හීනටි දියවැඩියාව, කොලෙස්ටරෝල් සහ හෙපටයිටීස් වැනි රෝග පාලනය කිරීම සඳහා ප්‍රයෝජනවත් වේ.
8) මා වී - Maa vii
සෙන්ටි මීටර් 275ක් 350ක් තරම් උසට වැඩෙන මා වී යනු ශ්‍රී ලංකාවේ පාරම්පරිකව වගා කෙරෙන සහල් ප්‍රභේද අතරින් උසම ප්‍රභේදයකි. වී වපුරා මාස 5-6කින් පමණ ගොයම් පැසීම සිදුවේ. ආලෝකයට සංවේදීතාවක් දක්වන මා වී වගා කළ හැක්කේ මහ කන්නයේදී පම්ණක වන අතර දෙසැම්බර් මාසයෙන් පසුව මල් පීදීම සිදු වෙයි. විෂාල මෙන්ම කුඩා සහල් ඇටද මෙමගින් ලැබේ. මා වී වල පොත්ත රතු පැහැයක් සහිත වේ. වෙනත් ගොයම් වර්ගවලට වඩා මා වී පැසෙන කාළයේදී බිමට බර වීමේ වැඩි නැඹුරුවක් දක්වනු ලැබේ. මන්ද යත් මෙහි උස සාපේක්ෂව ඉතා වැඩි නිසාවෙනි. මා වී වල පඳුරු ප්‍රමාණය 15ක් 25ක් වැනි ඉහළ අගයක් ගනී. අස්වැන්න අක්කරයකට වී බුසල් 65ක් 70ක් පමණය. පහතරට තෙත් කළාපයේ හා අතරමැදි කළාපයේ සුලභව වගා කරනු ලැබේ.
ඉහළ ඖෂධීය වටිනාකමක් ඇති වී වර්ගයකි. ස්ථුලතාව හා දියවැඩියාව වැනි රෝග තත්වයන්ට ප්‍රථිකාර කිරීමේදී යොදා ගැනේ. දාහය නිවා ශරීරයේ සිසිල් බව ආරක්ෂා කිරීමට උපකාරී වන ඖෂධීය ගුණයෙන් පොහොසත් මෙය ක්ෂය රෝගය සහ විරේක තත්වයන් සඳහා විශිෂ්ඨ ප්‍රථිපල ගෙන දේ.
9) මසුරන් - Masuran
නමිනම හැඟවෙන පරිදි මෙම වී වර්ගය ශ්‍රී ලංකාවේ ඉතා වැදගත් හා ජන්ප්‍රිය සහල් වර්ගයකි. යල කන්නයේදී මාස 3 1/2 කින්ද මහ කන්නයේදී මාස 4 1/2 කින්ද මෙහි අස්වැන්න නෙළා ගත හකි වේ. උස සෙන්ටි මීටර් 105-120ක් පමණ වේ. සුළඟට මඟින් සිදු වන ගොයම් ගස් බිමට පහත් වීමට ඔරොත්තු දේ. අක්කරයකට වී බුසල් 80ක පමණ අස්වැන්නක් ලබා ගත හැකිය. කොළ පාළුව රෝගයට සාර්ථකව මුහුණ දෙයි. පැසෙන කාල්යේදී ගොයම් කොළ බිමට පහත් වීම නිසා වල් මර්ධනය ඉබේම සිදු වේ. මෙය තෙත් කළාපය ආශ්‍රිතව වැඩි වශයෙන් වගා කෙරේ.
ප්‍රදාහය, දිය වැඩියාව, පිළිකා, ස්නායු රෝග සහ කොලෙස්ටරෝල් යන රෝග තත්ව පාලනය කරයි. බෝ නොවන රෝග රැසකට ඔක්සිකාරක ආතති තත්වය (Oxiadative stress) පාලනය කරන බව විද්‍යාත්මකව තහවුරු කර තිබේ. නිවුඩ්ඩ සහිතව ආහාරයට ගැනීමෙන් උපරිම සෞඛ්ය ප්‍රතිලාභ ලබා ගත හැකි වේ.
10) පච්චපෙරුමාල් - Pachchaperumal
පච්චපෙරුමාල් යනු ශ්‍රී ලංකාවේ පාරම්පරිකව ප්‍රදේශ රැසක වගා කෙරෙන රතු සහල් ප්‍රභේදයකි. මෙය සෙන්ටි මීටර් 105-120ක් පමණ උසකට වැඩෙන අතර වපුරා මාස 3 1/2 කින් පමණ අස්වැන්න නෙළා ගත හැකි වේ. ගොයම් පැසෙන කාළය වන විට මෙම ගොයම් ශාකයේ කඳ කොටස ලා නිල් පැහයක් ගනී. අක්කරයකට වී බුසල් 70ක් 0ක් පමණ අස්වැන්නක් ලබා ගත හැකිය. දිවයිනේ සෑම ප්‍රදේශයකම වගා කළ හැකිය.
පච්චපෙරුමාල් සහල් වලින් දියවැඩියාව පාලනයට හා තුවාල ඉක්මණින් සුව කිරීමට විශේෂ හැකියාවක් ඇත. ප්‍රෝටීන් හා ප්‍රති ඔක්සිකාරක සංයෝගවලින් අනූන වේ.
11) පොක්කාලි - Pokkaali
පොක්කාලි යනු පාරම්පරික රතු සහල් ප්‍රභේදයකි. ගොයම් ගස සෙනි මීටර් 120-130ක් දක්වා උසකට වැඩේ. මෙහි පඳුරු 10ක් පමණ හට ගනී. අස්වනු නෙළා ගත හැකි වන්නේ මාස 3 1/2 කට පසුවය. ලවණ මිශ්‍ර පසෙහි වඩාත් හොඳින් වැවෙන අතර අස්වැන්න අක්කරයට වී බුසල් 60-80ත් අතරය. ගාල, මාතර, කළුතර, කොළඹ, හම්බන්තොට, හා පුත්තලම යන දිස්ත්‍රික්කවල වැඩි වශයෙන් වගා කෙරේ.
ඇතැම් බැක්ටීරියා වර්ග විනාශ කිරීමට හකියාවක් ඇති මෙම පොක්කලි සහල් වර්ගය ප්‍රෝටීන් බහුල සහලකි.
12) රත්සුවඳැල් - Rathsuwandel
ශ්‍රී ලංකාවේ වටිනා පාරම්පරිකව වගා කෙරුනු සහල් රත්සුවඳැල් සාමාන්‍යයෙන් සෙන්ටි මීටර 105ක් 120ක් දක්වා උසකට වැඩේ. මාස 3 1/2 කින් අස්වැන්න නෙළා ගත හැකිය. පඳුරු සංඛ්‍යාව 4 - 6ක් පමණ වේ. මෙය කොළ පාළුව රෝගයට සාර්ථකව මුහුණ දියහැකි ප්‍රභේදයකි. අක්කරයකට වී බුසල් 45 - 60ක් පමණ නෙළා ගත හැකිය. වියළි සහ තෙත් කළාප යන දෙකෙහිම වගා කෙරේ.
දියවැඩියාව හා ඔක්සිකාරක ආතතිය වැනි රෝග තත්ව පාලනය කිරීමට හැකි සහල් වර්ගයක් ලෙස ප්‍රකටය.
Early history
Sri Lankan people may have started cultivating rice as early as 800 B.C, according to documentary evidence. Further evidence of early rice cultivation is the construction, since 390 B.C., of massive irrigation structures, reservoirs, and interconnected canals. From ancient times, rice cultivation was not only an economic activity but a way of life for the people of Sri Lanka. Some varieties of rice have been passed down for generations, and are called traditional, indigenous, or heirloom.
Once renowned as the granary of the east, Sri Lanka offered more than 2000 indigenous rice varieties to the rest of the world. Rice cultivation in Sri Lanka was once considered sacred. The process remained sustainable due to the methods used for production, as well as the sanctity associated with the process of rice cultivation.
Colonialism
With the European colonization of Sri Lanka during the 16th and 18th centuries, more emphasis was given to other plantation crops. In the 20th century, however, rice was once again given attention. With an increase in the country's population, a new series of rice varieties, called "the H series," was introduced in the 1950s. Fertilizers were also introduced at this time to increase harvest yield. As a result, the average yield of rice increased from 0.65 metric ton/hectare (mt/ha) to 1.73 mt/ha in 1950.
Unfortunately, many of the new kinds of rice of Sri Lanka contained lower concentrations of glutamic acid, vitamins, and fiber, and a higher glycemic index than the traditional varieties. While the new kinds of rice were being produced in greater quantities, it was not as nutritious as the traditional rice that had once sustained the Sri Lankan people.
Rise of the new rices
By the 1980s, 90% of the farmland in Sri Lanka was being used to cultivate the "semi-dwarf" (newly improved) rice variety.
Currently, 95% of the rice produced in Sri Lanka are hybrid varieties. These are harvested using non-organic fertilizer and pesticides which are needed to produce larger harvests with lower costs.
However, traditional rice is gradually making a comeback. This is due to the increased global demand for organic food.
This English part Copied from- https://en.wikipedia.org/wiki/Traditional_rice_of_Sri_Lanka
ලෝකේ ලොකුම ගුවන් යානා සහ ඒවායේ රුව ගුණ
දඬුමොණරය ගැන සාහිත්‍යයේ, ජනප්‍රවාදයේ සඳහන් වුවද එවැනි අහස් යාත්‍රාවක් නැවත බිහිකර ගැනීමට පෙරදිග විද්‍යාඥයින්ට නොහැකි විය. එබැවින් ලොව යාන්ත්‍රිකව පියාසැරීම රයිට් සහෝදරයන් විසින් ලොවට හඳුන්වා දෙනු ලැබූ බැව් සාමාන්‍ය පිලිගැනීම වේ. ඉතිං මේ පියාසැරි යන්ත්‍ර අද වනවිට මිනිසුන් පන් හයසීයක් එකවර ගුවනට නංවාගෙන යන්න තරම් හැකියාවක් තිබෙන, සද්දන්ත අහස් යාත්‍රා බවට පත් වෙලා හමාරයි. අපි ලෝකේ ලොකුම ඉගිල්ලෙන යානා ගැන ටිකක් දැනගමු.
පසුගිය දිනවල මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබැස්ස මේ යානය ලංකාවේ පුවත් අඩවි අතර පුවත් මවන්නක් වුනා. මේ ඇන්ටනොව් යානය ලොව ඇති විශාලතම, බර වැඩිම ගුවන් යානය ලෙස සැලකේ. මේ මගින් ගෙන යා හැකි බර මෙට්‍රික් ටොන් 640ක්. මුලින්ම මෙය නිපදවූයේ අභ්‍යාවකාශ ශටල යානා ප්‍රවාහනයට වුවත් පසුව වෙනත් විශාල බර ප්‍රමාණවල ජෙනරේටර් වැනි බඩු භාණ්ඩ ප්‍රවාහනයට යොදාගනු ලැබුවා. ලොව ලොකුම ගුවන් යානය පවා ගොඩබස්වන්නට හැකි සුවිශාල ධාවන පථයක් අපිට හිමිවීම සතුටට කරුණක්ද වෙනවා.
ලොව විශාලතම ගුවන් යානා නිෂ්පාදන සමාගමක් වන එයාබස් සමාගමේ මේ යෝධයා, මගී ප්‍රවාහන ගුවන් යානා අතර ධාවනය කල හැකි ගුවන් යානා අතරින් උඩම තැනක සිටිනවා. එන්ජින් හතරක බලයෙන් සවිමත් මෙහි පන්ති තුනකට යටත්ව මගීන් 525කට එකවර පියාසර කිරීමේ පහසුව තිබෙනවා.
දෙවන ලෝක යුද්ධයෙන් පසු වේගයෙන් දියුණු වූ ලොව ගුවන් යානා ක්ෂේත්‍රයේ බෝයිං නාමය තවමත් ඉහළම තැනක වැජඹෙනවා. මෙම බෝයිං යානා ලොව වැඩිපුරම භාවිතා වන යානා අතරත් නිතරම රැඳෙන නාමයක්. බෝයින් 747 පරම්පරාවේ මෙය තුළ මගීන් ක්ලාස් තුනකට යටත්ව 467 දෙනෙකු ප්‍රවාහණය කල හැකියි. මෙම යානාව ඇමරිකානු ඩොලර් මිලියන 379ක් තරම් මිලකින් යුක්ත වෙනවා.
බෝයිං 747 කාණ්ඩයේ වැඩිපුරම ජනප්‍රිය ගුවන් යානය නම් 747-400 යානය වේ. මෙහි පන්ති අනුව ගුවන් යානය සැකසූ කල මගීන් 416ක්ද නැතහොත් මගීන් 660ක්ද රැගෙන යා හැකියි. විශාලතම ගුවන් යානා අතර වඩාත්ම ජනප්‍රිය ගුවන් යානය වන්නේද මේ බෝයිං 747-800ම වේ.
එයාබස් හි A340 කාණ්ඩයේ ජනප්‍රියම මාදිලියක් වන මෙය මගීන් 350ත් 475ත් අතර ප්‍රමාණයකට ගමන් පහසුව සැළසිය හැකි එකකි. මෙහි දිග මීටර 75කට ආසන්න වේ. ලොව රාජ්‍ය ගුවන් සේවාවන් අතර ජනප්‍රිය යානාවක් ලෙස එයාබස් A340-600 තැනක් හිමිකරගෙන තිබේ.
ඇන්ටනොව් සමාගම සිය විශාලතම ගුවන් යානය වන AN-225 Mriya නිපදවීමේදී මූලික ආභාෂය ලබාගත්තේ මෙම කුඩා සහෝදරයාගෙනි. ලොව විශාලතම හමුදා ප්‍රවාහන ගුවන් යානාවද මෙය වේ. මෙයින් විශාලතර බරක් රැගෙන යෑමට හැකිය. මේ ගුවන් යානයද ඇන්ටනොව් සුවිශාල යානය මෙන් මගීන් ප්‍රවාහනයට නොව, හමුදාමය සහ හදිසි ගුවන් බඩු ප්‍රවාහන අවශ්‍යතා පිණිස වැඩි වශයෙන් යොදාගනී.
එන්ජින් දෙකක් සහිත ගුවන් යානා අතරින් විශාලතම ගුවන් යානය වන්නේ මේ ගුවන් යානය වේ. ගුවන් යානයේ මගීන් 396කට සුවසේ ගමන් කල හැකිය. මෙය බෝයිං සමාගමේ වැඩියෙන්ම භාවිතා වූ ගුවන් යානයකි.
ලංකාවේ දේශපාලනය තුළ රැව්දුන් යානයක් ලෙස මේ ඒ තුන්සිය පනහ ගුවන්යානය දැක්විය හැකිය. පසුගිය කාලයේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට මිලදී ගත් යානා ලැයිස්තු අතර මේ යානාවද විය. ලොව විශාලතම ගුවන් සේවාවන් සඳහා භාවිතා වන මෙම ගුවන් යානය ශ්‍රී ලංකන් වැනි කුඩා ධාරිතාවයක ගුවන් සමාගමකට එතරම්ම ගැළපීමක් නැතැයිද මත පලවුනි. ලංකාව මිලදී ගත් මේ ගුවන් යානා වල ශ්‍රී ලංකන් ලේබලය ගලවා පාකිස්ථානයට කුලියට දුන් බවත් ඇතැම් වාර්තා වල දැක්වුනි. මෙම ගුවන් යානයේ එකවර මගීන් 325කට පමණ ගමන් පහසුව සලසාගත හැකි බවද දැක්වේ. මෙම ගුවන් යානා කිහිපයක් කටාර් එයාවේස් හි දැනට භාවිතා වේ.
Airbus A340 කාණයේ Airbus A340-300 වර්ගයේ ගුවන් යානා 21 අවුරුද්දක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ භාවිතා වී, 2015 දී ඒවා විශ්‍රාම ගන්වන ලදී. එම ගුවන් යානා මුලින්ම මිලදී ගත් රටවල් අතර ලංකාවද විය. මේ නවතම A340-500 මාදිලියේ එන්ජින් 4කි. මගීන් 375ක් එකවර රැගෙන යෑමේ පහසුකමෙන් යුතු වේ. එයා ෆ්‍රාන්ස් සහ ලුෆ්තන්සා ගුවන් සමාගම් මෙම යානාව සිය මෙහෙයුම් සඳහා දායක කරගනී.
විශාලත්වයෙන් වැඩි ගුවන් යානා වලට වඩා ගුවන් සමාගම් මැද මට්ටම් ගුවන් යානා භාවිතයට ලැදිය. නිරන්තරයෙන් මෙහෙයුම් කටයුතු වල නිරත වන්නේ මැද මට්ටමේ ගුවන් යානා වේ. එයාබස් A320, A330 මාදිලිත් බෝයිං 737,767 මාදිලිත් ලොව වැඩියෙන්ම භාවිතා වන ගුවන් යානා වේ. මේවායේ දළ වශයෙන් එක් යානාවක මගීන් 200කට පමණ ගමන් පහසුව සලසාගත හැකිය.
ගුවන් ලොව කැළඹූ ලොව විශාලතම ගුවන් යානා කියන්නේ එක් පසෙකින් විශාල ධනයක් වියදම් කිරීමක්. ඒත් විශාල නිර්මාණ කරන විට එන තාක්ෂණික ගැටළු වලට පිළිතුරු සෙවීම තුළින් මුළු මහත් ගුවන් ඉංජිනේරු විද්‍යාවටම සැලකිය යුතු ආලෝකයක් ලැබේ.

ඇත්තටම මොකක්ද මේ ඕරාව කියන්නේ? - aura
සෑම ප්රාණියකු මෙන්ම වස්‌තුවක් වටාත් එයටම ආවේනි වූ කිසියම් ශක්තියක් පැලපදියං වෙනවා!! ඕරා කියා හඳුන්වන්නේ මෙන්න මේ අපේ සිරුර වටා ඇති වලාකුළක් වැනි ද්රව්යයකින්(චුම්භකවැනි) සමන්විත රශ්මි වළල්ලට. මෙය එක්තරා ශක්‌ති පද්ධතියක් (Energy Field) වශයෙනුත් හඳුන්වනවා. !!
මෙම ශක්ති වලල්ල ඹබගේ සෞඛය තත්වය, මනස සහ අනෙක් අය සමග ගැටීම අනුව වෙනස් වෙනවා! මනස ශක්තිමත් බවින් යුක්ත මින්සුන්ගේ ඕරා ඉතා ඝනකම් හා ශක්තිමත්.!
මනස දුර්වල මිනිසුන්ගේ ඕරාව තුනී අතර අන් අයගේ ග්රහනයට ලක් විය හැකිය. මිනිසා වටා ඇති ශක්ති වලල්ල මිනිසාගේ භෞතික ශරීරයේ ඇති චක්ර සමග බැදී පවතිනවා.!!
මනුස්ස ආත්මය කියන්නේ සුලුපටු එකක් නෙවෙයි!! ලේසියෙන් මනුස්ස ආත්මයක් ලැබෙවිද?? නෑ කොහෙත්ම නෑ!! ඒකට අවුරුදු,කල්ප ගානක් පෙරුම් පුරන්නට ඕනෑමයි!! බුදුන් වහන්සේට සාරා සංකෙයිය කල්ප ලක්ෂයක් කල් පෙරැම් පුරන්නට උනාලු බුදුබව ලැබ ගන්නට!! එයටත් කලිං මනුස්ස ආත්මේ ලබාගන්නට!!! ඉතිං පේනවද මනුස්සයා කියන්නේ ලේසි පාසු කෙනෙක් නොවන බව!!
ඉතිං ඕන්න ඔය අපි ලබා ගත්ත මනුස්ස ආත්මේත් එක්ක අපිට එනවා නොවෑ මහා ශක්තියක්!! අයියෝ ඒත් අපි දන්නෑ අපි කොතරම් ශක්තිමත්ද කියලා!! මේ කියන්නේ බරවැඩිකරං මස්ගොබ පෙන්නන එක නං නෙවේ!! අපේ ආත්මීය ශක්තිය!! ඒ ශක්තිය තමා ඉතිං මේ රශ්මියක් ලෙසින් බාහිරට විහිදෙන්නේ!!! මෙම රශ්මි වළල්ල පිහිටා තිබෙන්නේ අපට වටායි! සාමාන්යෙන් කෙනකුගේ ශරීරයේ සෙ. මී 30-40 ක ප්රමාණයක් වටා මෙම රශ්මි වළල්ල විහිදී පවතිනවා. අධ්යාත්මික වශයෙන් දියුණු පුද්ගලයන්ගේ මෙහි පරාසය තව තවත් විශාල වන්නට පුළුවන්.
ක්රි.ව. 1939 දී සෙම්යොන් කිර්ලියන් නම් විද්යාඥයාට අහම්බෙන් හමුවූ මේ ඔහුගේ අත වටා තිබූ රශ්මි ධාරාව (Aura) ගැන ඔහු තමා ඉස්සරවෙලාම නවීන ලෝකේට කිවුව කියලා කියන්නේ!! මේවාට ඉතිං අපිට නං හිනායන්නේ පශ්චාත් බාගෙං!! එතකොට අහන්න තියෙන්නේ බුද්ධ රශ්මිය බැබලෙන හැටි අපේ ලංකාවේ සුපිරි වැඩ්ඩෝ ඒ කාලේ ගලේත් කෙටුවේ සුද්දෝ කිව්වට පස්සේද කියල! ඔව්වා කියන්ඩ ගිහාම ඉතිං ලේ කෝප වෙලා අපේ ඕරා එක කලුපාට වෙනවා!!!
ඇත්තටම අපේ පියවි ඇසට මෙම රෂ්මි ධාරා (Aura) දැකිය නොහැකිද?
බුදුරජාණන් වහන්සේ, ක්රිස්‌තුස් වහන්සේ ශාන්තුවරයන් වැනි අධ්යා ත්මික වශයෙන් දියුණු අයගේ ප්රතිමා සහ පින්තූර වලද හිස හෝ සිරුර වටා රශ්මි වළල්ලත් තියනවා කියලා ඔයාල දන්වනේ!! ආන්න ඒ ලෙසින් දක්‌වා තිබෙන්නේ මෙම ඕරා නොහොත් රශ්මි වළල්ලයි!!
ඇත්තෙන්ම මෙය අපගේ ආත්මයේ ප්රතිනිරූපනයක් ලෙස හඳුන්වන්න පුළුවන්!!.

මනුස් අපේ සිත තුළ හටගන්නා සිතුවිලි ධාරාවන් සහ අප සිරුරේ ඇති රෝගාබාධ අනුව අපගේ ඕරාව විවිධ වර්ණයන් ගන්නවා.
විශේෂයෙන්ම අධ්යාත්මික වශයෙන් ඉහළ තලවල සිටින අයගේ ඕරාවලින් විහිදුවන්නේ කහ පැහැති ඉතා ප්රධභාශ්වර රශ්මි ධාරාවක්!! කියායි කියන්නේ!!.
විශේෂයෙන්ම අධ්යාත්මික වශයෙන් ඉහළ තලවල සිටින අයගේ ඕරාවලින් විහිදුවන්නේ කහ පැහැති ඉතා ප්රධභාශ්වර රශ්මි ධාරාවක්!! කියායි කියන්නේ!!.
මෙම රශ්මි ධාරාවන් පියවි ඇසින් දකින්නට අපහසුයි. නමුත් අධි මානසික ශක්‌තියකින් හෙබි හෝ ධ්යාන ලාභි යෝගි සහ සෘෂිවරයන් වැනි අධ්යාත්මික වශයෙන් ඉහළ තත්වයක සිටින පුද්ගලයන්ට එය පියවි ඇසින් දකින්නට හැකියාව තිබෙනවා.!! දැං කියයි අපේ මේ කාලේ අර රහත් වෙලායි කියා කියාගන්නා ගනින්නාස්සේගේත් ඕරා කියනවා කියලා!! තියනවා එල්.ඊ.ඩී වලින් හයිකරපුවා තමා!!! අනේ කාලේ වනේ වාසේ කියන්නේ ඕව්වාට තමා!
අපේ සිතේ ඇතිවන විවිද සිතිවිලි වලින් තමා අපේ මුලු දිවියම ගත වෙන්නේ!! අපේ සතුට සැප තීරණය වන්නේ සිතහි ඇතිවන සිතිවිලි වල ආනුභාවයෙන්!! ඒ ඒ සිතුවිලි ධාරා සහ හැඟීම් අනුව ඔබේ සිරුරෙහි රශ්මි ධාරාවන් වෙනස් වන අපිට දැනගත හැකී!!
•ආදරය සෙනෙහස වැනි පිවිතුරු හැඟීම් ඉතා පියකරු රෝස පැහැයක් පෙන්වනවා.
•නිර්භීත බව තැඹිලි පැහැයෙන් පෙන්නුම් කරන අතර
•රෝගී බව දුඹුරු පැහැයෙන් ද
•සුවපත් බව කොළ පැහැයෙන් ද පෙන්නුම් කරනවා.
•රතු පැහැයෙන් දන්වන්නේ ඔබ දැඩි කනස්‌සල්ලෙන් සහ කෝපයෙන් පසුවන බවයි.
•එමෙන්ම ඔබේ සන්සුන් බව සහ ප්රිඥාවන්ත බව තද දම් පැහැයෙන් පෙන්නුම් කරනවා.
•අධ්යාත්මික දියුණු බව ප්ර්භාශ්වර කහ පැහැයකින්ද
•වෛරය සහ පසුතැවිල්ල අඳුරු කලු පැහැයකින් ද පෙන්නුම් කරනවා.

අපේ හිත කියනා එක එක් එක් වෙලාවට එක් එක් ආකාරයෙන් ක්රියා කරනවා!! බලන්නකෝ අපි භාවනා කරනකොටත් අපේ මේ හිත දුවනවා නොවෑ හතර අතේ!! ඒ නිසා තමා බුදුන් වහන්සේ කීවේ භාවනාකිරීමෙන් සිත එක් තැන්හි පිහිටුවා ගන්නට හැකී කියා!! භාවනා කරනා විට සිත එක් තැනක!! එවිට අපේ ඕරාව ශක්තිමත්ව දීප්තියෙන් බැබලෙනවාලු!! මේ අනුව කෙනකුගේ ඕරාව ඔහුගේ සිතුවිලි අනුව දිනකට කිහිපවතාවක්‌ම වෙනස්‌වන්නට පුළුවන්.
මියගිය පසු තණ්‌හාව ආශාව සහ බැඳීම් නිසා සමහර පුද්ගලයන්ගේ ආත්මයන් මේ ලොවෙන් චුත නොවී මෙහිම ඇලී ගැලී ජීවත්වෙනවා. මොවුන් ප්රේතයන්, භුතයන්, මළ යක්‌ෂයන් ලෙසත් නැත්නම් තිරිසනුන් ලෙසත් හඳුන්වනවා. මොවුන්ට ඇත්තේ සුක්‌ෂම සිරුරුයි. ඒ කියන්නේ භෞතික ශරීරයක් නැති ජීවීන්. ඔවුන් තම ශක්‌තිය ලබාගන්නේ මිනිසුන්ගේ සෘණාත්මක සිතුවිලිවලින් ජනිත කරන සෘණ ශක්‌තියෙන්. ආන්න ඒකයි කියන්න් ඔබ ශක්තියෙන් හීන වූ විට ඔබගේ ඕරාව දුර්වල වෙන බව!! එවිට අර ආත්මයන්ට හැකී ඔබගෙ සිරැරට ප්රවිශ්ට වන්නටත්!!! එතනදී සිදුවන්නේ ඔබගේ ශක්තියේ හීන වීම තුලින් කිසියම් වූ වෙනත් ශක්තියක් ඔබව ගිල ගැනීම!!
අපගේ මේ ඕරාවේ නැත්නම් අපගේ රශ්මි වළල්ලේ සමහර අවස්‌ථාවල අපගේ මානසික සහ ශාරීරික ශක්‌තිය ද පිරිහුනු අවස්‌ථාවලදී බිද වැටීම් සිදුවනවා!! ඒ කියන්නෙ අපේ ඕරාව සිදුරුවෙනවා!! (portals). අප දැඩි කනස්‌සල්ලට හෝ ශෝකයට පත්වූ අවස්‌ථාවල සහ දැඩි ලෙස රෝගාතුර වූ අවස්‌ථාවල හෝ දරුණු අපයෝජනයන්ට ලක් වූ අවස්‌ථාවල අපගේ සිරුරේ ශක්‌තිය රශ්මි වළල්ලේ සිදුරු වලින් කාන්දු වීමට පටන් ගන්නවා. එවිට ඉහත කී කුඩා සිදුරු ඇතිවනවා. එවිට අපේ සිරුරුවලට වෙනත් බලවේගයන්හට ඇතුල් වීමට අවකාශ ලැබෙනවා.!!
කොටින්ම කීවොත් ගෝනි නැතුවම කරේ නගින්නට හැකියාවක් ලැබෙනවා!! මෙය අප සමාජයේ විවිධ නම්වලින් හදුන්වනවා!! සමහරු මේ තත්වය මානසික රෝගයක් කියලත් තවත් අය මතුරල දිපු දෙයක් කැවිල කියලත්, තවත් සමහරු ආවේශ වීමක් කියලත් හඳුන්වනවා.!! වෙන්නේ ඒ උනාට අපේ ඕරාවේ හදිසි බිදවැටීමක් පමණයි!!!
මානසික සහ ශාරීරික වශයෙන් දුර්වල වූ මිනිසුන්ගේ රශ්මි වළල්ලේ මේ විදිහට සිදුරු රැසක් ඇතිවෙන්නට පුළුවන්නේ!!. එතකොට ඉතිං එක ආත්මයක් පමණක් නොවෙයි හතර අතේ ඉන්නා යක්කු, කුම්බාන්ඩයෝ, පෙරේතයෝ ආදී මෙකි නොකී ආත්ම කීපයක් සිරුරට ඇතුල් වෙන්නත් පුළුවන්.
මෙවන් අවස්‌ථාවන් “Dual Personality”, “multiply Personalities” යනුවෙන් හඳුන්වනවා. ඉන්පසුව අර ඕරාව දුර්වල අය තුළ චරිත දෙකක් හෝ කීපයක් තිබෙන කෙනෙක් වන්නට පුළුවන්. මෙවැනි අවස්‌ථාවලදී මෙම සිදුරු වැසීම අත්යවශ්ය වනවා. බොහෝවිට අපි බෝධි පුජා , ශාන්ති කර්ම මගින් කරන්නේ ආන්න එවා තමා! මේවා අපේ මුතුන් මිත්තන් එදා කියා දී තිබුනා!! තනිපංගලමේ එලියට බහින්න එපා, ආවේලාවේ නාන්ඩ එපා! රෑට තෙල් කෑම කන්ඩ එපා! කෝ අපි අහනවෑ!!!
මේ ගැන ඉතිං දැන් දැන් බටහිර මනෝ වෛදවරුන් නං දෙන්නේ ලොරි ටෝක් !!! අපිට බතිං අපේ දේවල්වල අගයක් නෑ නොවෑ!! බොහෝ විට මේවා මානසික රෝග ලෙස සලකා බටහිරයින් ප්රතිකාර කරනවා.!! අයියෝ සල්ලී!! මෙයින් සිදුවන්නේ ඉතිං පය බරවායට පිටිකරට බේත් බැඳීම වැනි දෙයක් තමා!! ඒ කොහොම උනත් මේ වගේ අවස්තා අද සමාජයේ නං අනන්තයි!!!
බුදු දහම අනුව පමණක් නොව කිතු දහම හින්දු දහම සහ මුස්‌ලිම් දහම අනුව වුවත් එවැනි දේ සිදුවන බව පිළිගන්නවා.!! බෞද්ධ අප බෝධි පූජා යන්ත්රු මන්ත්ර තොවිල් පවිල් ශාන්තිකර්ම කරනවා මෙන්ම ඔවුන් ද මෙවැනි දේ සඳහා ඒ ඒ ආගම්වලට අනුව ඒ ඒ පුද්ගලයන්ට සුදුසු ලෙස ශාන්තිකර්ම කරනවා!! ඒවා ඉතිං අපේ ගමේං ඇවිත් පොශ් වෙච්ච අපේ දේට ගරහනා ඈයින්ට නම් හරී අපුලයි!!
බටහිර රටවල ඕං එහෙම උනාම ඒවට කියන්නේ (Auric Cleaning) නැත්නම් රශ්මි වළල්ල ශෝදනය කිරීමක් වශයෙන්. අධි මානසික ශක්‌තින්වලින් හෙබි පුද්ගලයන්ගේ සේවය මේ සදහා ලබාගන්නවා.!! එයට අමතරව භාවනාව, යාඥාවන්, මෝහනය ආදී නොයෙකුත් ක්රිමත් භාවිතා කරනවා. !! අපි ඉතිං තොවිල නටලා ,බෝධී පූජාවෙන් කරලා සුව කරගන්නා මේ වගේ දේවල් සඳහා ඔවුන් ඒවා තමා කරන්නේ!!
අපේ ඕරාව නැත්නම් රශ්මි වලල්ල පිරිසිදුව මෙන්ම ශක්‌තිමත්ව තබාගැනීමට අප උනන්දු විය යුතුම වෙනවා!! එය අපට කළ හැක්‌කේ කණස්‌සල්ල ඉරිසියාව, බය, වෛරය වැනි සෘනාත්මක සිතුවිලිවලින් තොරව ආදරය සෙනෙහස කරුණාව මෛත්රිය වැනි ධනාත්මක සුභවාදී සිතුවලි අප සිත් තුළ ජනිත කිරීමෙන් පමණයි!!
ඇත්තටම ඕරාව අපට දැකිය හැකිද? දැං ඔය ඕරා වලල්ල අපිට පේන්නෑනේ!!
මනස එක්සිත්ව සන්සුන් කර ගැනීම තුලින් ඕරාව දැකිය හැකි යැයි විශ්වාස කරනවා! පුද්ගලයකු අසනීප වූ විට හෝ මරණය මොහොතට ආසන්න වූ විට ඔහුගේ/ඇයගේ ඕරාව සම්පූර්ණයෙන් කලු පැහැ ගැන්වෙන බව නිරීක්ෂණ වලින් හෙලි වී තියනවා!!
දැන් කියන්න යන්නේ මේකත් බිස්නස් එකක් කරගන්නා හැටි!!
ඕං ඉතිං කොම්පියුටරේං අත ස්කෑන් කරලා පලාපල කීවා වගේ මේකත් දැං ඒ විදිහට කරනවා!!
සල්ලි අරං 1000යි, 5000යි, 10000යි, කෝමද ඒක!??? අනිත්පැත්ත තමා ඕරාව හදන්න කියලා මැණික් දමන්ට කියනවා!! කේන්දරේ බලවනවා! අත්පලදනා, වගේ දෙවල් දමනවා!! ඔක්කොම ඉතිං සල්ලිම තමා!!
මං දන්නා එක මහත්තයෙක් චෙක්කලා එයාගේ ඕරාව අර මැෂිමෙන්!! පිලියන්දල! එයාට අපලයි ඕරාව මදී ඒක ශක්තිමත් කරන්ඩ ඕනේ!කියලා ටීවී ජෝතිශ කාක්කෙක් කියලා, මෑන් ලගදි දැම්මා රත්තරං වලින් හදාපු මැනික් අල්ලාපු වජ්රයක්!!...ඕං ඕක දමලා සති 2ක් ගියේ නෑ, බාත්රෑම් එකේ ලිස්සලා වැටිලා, දැං ඔය ඉන්නේ කකුලක් උඩ තියං අපූරුවට අවුරැද්දක් තිස්සේ..! අපරාදේ 50,000/=ක්!
ඕරාව අවුල්වෙන්නේ එහෙමයි!! ඒ නිසා තම තමුන්ගේ ඕරාව මොනවගේද කියලා මැෂින් වලිං චෙක් කරන්ඩ ඕන්නෑ! චෙක් කරන්ඩත් බෑ ලංකාවේ තියන ඒවාගෙන්! සමාරු දැක්කාම කිවිවෑකි ඕරාවේ තරම!! ඒ නිසා නිකං බොරැවට අතේ තියනා තුට්ටු දෙක නැති කරගන්ඩ එපා!!
දනක් පිනක් කරං, අනුන්ට ගිණිගෙඩි නොදී, තමුන්ගේ පාඩුවේ සිල් රැකගෙන, අවශ්ය වෙලාවට හැකිනම් බෝධිපූජාවලට සම්බන්ධ වෙලා, සිත පිරිසිදු කරගත්තා නම් ඕරාව කන්නාඩියක් ගාවට ගියත් තමා තුලින්ම බලාගත්තෑකි අපූරැවට!!! !!
සමාරු ආසාවට මේ ඕරාව බලනවා! සමාරු ට්රෙන්ඩ් එකට බලනවා!! සමාරු පොශ් එකට බලනවා!! කොහොම බැලුවත් කියන්ඩ තියෙන්නේ ඒක මුදලට පෙන්නන එකා ගොඩ කියලා විතරමයි!!
හැමෝගේම හිතසුව පිණිසම වේවා!!
හැමෝත් එක්කම ශෙයාකරගත්තට වරදක් නෑ!!
මට ඉතිං බනීවී සමහරු!! මට කාලයක් රිපෝට් ගහලා ෆ්බී එකෙං බ්ලොක් කරලත් තිබ්බා ලංකාවේ ප්රසිද්ධ ඕරාමැෂින් මුදලාලි කෙනෙක්! කියන්න තියෙන්නේ, මිනිස්සුංගේ පල්ස් එක කාලෙං කාලෙට අල්ලල අතේ තියන තුට්ටු දෙකට තට්ටු කරන්න ! ඒත්ඒකෙන් ඔබේ දරුවන්ගේ බඩවියත ඔබ රකිවී! හැබැයි කවදාක හෝ ඕරාව නැතිවෙන්නේ තමුන්ගේමයි!

ආයුරක්ඛන්තු ආවඩා!!
෴රුවන් ගමරාළගේ ෴
තැඹිලි වතුර ලෝකයට යවලා ජයගත්ත අපේ කෙනෙක්
ලංකාවේ තැඹිලි වතුර ලෝකයට යවලා යෝධ සටනක් ජයගත්ත අපේ කෙනෙක්...
ඔහුගේ ජීවිත කතාව පොතකට නැගුවොත් එහි පරිච්ජේද වැඩි ගණනක් ලියැවෙන්නේ නොපසුබස්නා වීරිය ගැනය. අතරමැද එකම එක පරිච්ඡේදයක් වාසනාව ගැනද, තවත් එකක් ජයග‍්‍රහණය ගැනද එතනින් අනතුරු කලකිරීම් ගැනද ලියමින් කතාව පෙළගස්වන්නට පුළුවන. ඒත් අනාගතේ දවසක ඒ ජීවිත කතාව නියතවම නිමවෙන්නේ හීනයක් ලූහුබැඳ ජය ලැබූ මිනිසකුගේ කතාවක් හැටියටය.
මේ කතාව ලියැවෙන්නේ පානදුර අළුබෝමුල්ලේ හරින්ද්‍ර මහකුමාර ගැනය. ඔහු අද දේශදේශාන්තරවලට ලංකාවේ තැඹිලි වතුරේ රස ගුණ බෙදාදෙන ව්‍යාපාරිකයෙකි. මේ තමාගේ ජීවිතය ගැන කියන්නට හරින්ද්‍ර කතාව ඇරඹූ තැනය.”2012 අවුරුද්දේ ජුනි මාසෙදී පත්තරේක මම අමුතු ප‍්‍රවෘත්තියක් දැක්කා. ඒකෙ කියැවුණේ දවසකට ලංකාවෙ පොල්වතුර ලීටර් 50000ක් විතර නිකරුණේ අපතේ යනවා කියන විස්තරයක්. මේ ප‍්‍රවෘත්තිය ඇහැගැටුණම මට මේ ගැන හොයන්න උනන්දුවක් ඇති වුණා. මම අන්තර්ජාලයෙන් විස්තර හෙව්වා.
මට හිතුණා මම මේ අපතේ යන පොල් වතුරෙන් ව්‍යාපාරයක් කරන්න ඕන කියලා. ඊළග මාසෙම මම වැඬේ පටන් ගත්තා. මම විදුලි කාර්මික ශිල්පය ටිකක් දන්නවා. අලූත් අලූත් දේවල් අත්හදා බලන්න කොහොමත් ටිකක් දක්ෂයි. මුලින්ම මම කුරුම්බා ගෙඩියක වතුර වාතයට නිරාවරණය නොවී රැුස්කරගන්න සරල යන්ත‍්‍රයක් හැදුවා.
ඒකෙන් කෙරෙන්නෙ කුරුම්බා ගෙඩිය උල් බටයක් මත සවි කළාම ගෙඩිය ඇතුළේ තියෙන වතුර ටික බටය හරහා ඇවිත් ටැංකියකට රැුස්වෙන එක. මේ මැෂිම හදනවා දැක්කාම මගේ නෝනා මුලින්ම කිව්වෙ ඔයාට පිස්සුද කියලයි. තැඹිලි – කුරුම්බා වතුර බෝතල් කරලා තියාගෙන බොන්නෙ කවුද කියලා එයා හිනාවුණා. ඒත් මට ඕනෑවුණා මේ තාක්ෂණය හොයාගන්න.
විවිධ අත්හදාබැලීම් කරලා බලනකොට තැඹිලි වතුර නරක් නොවී දවස් 20ක් ශීතකරණයේ දාලා තියන්න පුළුවන් ක‍්‍රමවේදයක් හොයාගන්න මට පුළුවන් වුණා. මම ඒ නිෂ්පාදනය හෙළ කොකෝ එනර්ජි කියලා ලේබල් කරලා ඒක අරගෙන ලංකාවෙ ගොඩක් හෝටල්වලට ගියා. ඒ හෝටල්වල හුඟක් අය මාව ගිය පයින්ම හරවලා එව්වා. තැඹිලි වතුර බෝතල් කරලා බොනවා කිව්වම එයාලට ඒක පිස්සුවක් වගේ පෙනුණා.
කලාතුරකින් කෙනෙක් මගේ නිෂ්පාදනය විකුණන්න භාරගත්තා. ඒත් ඒ සමහර තැන්වල ඇසුරුම් ක‍්‍රමය වැරදුණාම දවස් දෙක තුනෙන් මගේ නිෂ්පාදනය නරක් වෙලා මට කෝල් ආවා, ඇවිත් බෝතල් ටික ආපහු අරන් යන්න කියලා.”ඒ වෙහෙසකර ආරම්භය ගැන ඔහු වචන ගැළපූ විදියයි. අභියෝගයට අභියෝග කරන්නට ඔහුට මුලින්ම ශක්තිය දෙන චරිතය කතාවට එකතු වෙන්නේ මේ කාලයේදීය.
”මගේ බිරිඳගේ නම ලතීෂා රන්මාලි. මේ වැඬේ මම කොහොම හරි කරනවා කියලා විශ්වාස කරපු පළමුවැනි කෙනාත් එයා. ඒ දවස්වල අපි දෙන්නා එකතුවෙලා දවසකට තැඹිලි ගෙඩි 300ක් විතර හෝදලා වේලලා කපලා තැඹිලි වතුර එකතු කළා. ඒක ලොකු මහන්සියක්. මොකද හැමදේටම අපි දෙන්නා විතරයි. දවස ඉවරවෙනකොට අත් කකියනවා. හැබැයි එහෙම මහන්සි වෙලා බෝතල් 10ක් විතරක් හදන කාලෙදිත් මගෙ හීනෙ තිබුණෙ කවදා හරි ලොකු තැඹිලි අපනයනකරුවෙක් වෙන්නයි.
ඇත්තටම ඒක ඒ කාලෙ හැටියට ලොකු වැඩි හීනයක් තමයි. හැබැයි මම හීන මැවුවා.තැඹිලි බෝතල් කරද්දී පොඩි අත්වැරදීමක් වුණත් පැහීමට ලක්වෙනවා. තැඹිලි වතුරේ පාටත් රහත් වෙනස් වෙලා රා වෙන එක තමයි අපට ආපු ලොකුම ප‍්‍රශ්නය. මම එක එක විදියේ අත්හදා බැලීම් කර කර ඒ ප‍්‍රශ්නෙට උත්තරේ හෙව්වා.
හැබැයි බෝතල් දහය හදන කාලෙදිත් මම අකුරටම ප‍්‍රමිතිය ගැන හිතුවා. වෙන එකක් තියා තැඹිලි කපනකොට, බෝතල් කරනකොට අපි දෙන්නා එකිනෙකාට කතා කළේවත් නෑ කටේ කෙළ බිඳක්වත් වැටෙයි කියලා. මොකද කවුරුහරි මනුස්සයෙක් සල්ලි දීලා මගේ නිෂ්පාදනය ගන්නවා නම් මම ඒ මනුස්සයාට ගරු කරලා අවංකව නිෂ්පාදන කාර්යය කරන්න ඕන. බිස්නස්වලදී බොරුව කළොත් පැවැත්මක් නෑ.”
ඒ ඔහුගේ දැක්මය. හැදෙන ගහ පෙත්තෙන් දෙපෙත්තෙන් පෙනේ කියන්නාක් සේ ආරම්භයම සරු යහපත් එකක් වූ නිසා සොබාදහම මේ මිනිසාගේ තනි සටනට ශක්තිය සපයා තිබුණා සේය. කවදා හෝ නියතවම තැඹිලි වතුර අපනයනය කරන ලොකු ව්‍යවසායකයෙක් වෙනවාය යන හීනය හැබෑ කරගන්නට මේ කුඩා පර්යේෂකයා දැනුවත් බොහෝ පිරිසකගේ උදවු සොයා ගියේය.
තැඹිලිවතුර බෝතල් කරන තාක්ෂණය හොයාගෙන මම ලංකාවේ පොල් පර්යේෂණායතනයට ගියා. ලංකා කාර්මික තාක්ෂණායතනයටත් ගියා. ඒත් මේ කාගෙන්වත් මට තැඹිලිවතුර බෝතල් කිරීමේ තාක්ෂණය ගැන ඉගෙන ගන්න ලැබුණෙ නෑ. මොකද එයාලත් පර්යේෂණ මට්ටමේ වැඩ කරමින් හිටියේ.
ඉතිං මම තනිවම මේ වැඬේ එක්ක ඔට්ටු වුණා. ඇත්තටම කියනවා නම් මම අත්හදා බලපු විදි 200ක් විතර අසාර්ථක වුණා. මහන්සියෙන් හදලා හදලා හරි කියලා හිතලා නිදාගන්න ගියාම පහුවදා ඇහැරලා බලද්දී තැඹිලි වතුර රා වෙලා. නිතර නිතර ඔහොම වුණාම මට මේ ඔක්කොම අල්ලලා විසිකරලා දාන්න අනන්තවත් හිතුණා. ඒත් මගේ බිරිඳ කිව්වා අපි දැන් දිනුම් කනුව ළඟටම ඇවිල්ලා ඉන්නෙ දැන් වැඩ නවත්තන්න එපා කියලා.
මම ඇගේ වචනවල හයියෙන් ආපහු අත්හදාබැලීම් කළා. අන්තිමේ මේ ක‍්‍රමය ගැන හොයමින් අත්හදා බැලීම් කරලම මගේ රුධිර පීඩනය වැඩිවෙලා ඉස්පිරිතාලෙ නවතින්න මට සිද්ධ වුණා. ඉස්පිරිතාලෙ ඇඳේ ඉන්නකොට මට විශේෂ දෙයක් කල්පනා වුණා. මම ටිකට් කපාගෙන ගෙදර ආපු දවසෙම මම හරියටම මැෂිම හැදුවා. එදා තමයි මේ තාක්ෂණය හරියටම හරි ගියේ. මම මේ තාක්ෂණය හොයා ගත්ත දවස හරියටම 2016 ඔක්තෝබර් මාසෙ 20 වැනිදා.
එදා ඉතිහාසගත දවසක්. තැඹිලි වතුර කල් තබා ගත හැකි පරිදි බෝතල් කිරීමට අවශ්‍ය සියලූම උපකරණ නිෂ්පාදනය කරන්නට හරින්ද්‍ර වැය කර ඇති මුදල ලක්ෂ හය හතකි. කර්මාන්ත ශාලාවේ කාමර තුනක් පුරා සිදුවෙන මේ සැකසුම් ක‍්‍රියාවලිය පුහුණු සේවකයන් හය දෙනෙකුට මේ වන විට රැුකියා සපයා දී ඇත. හරින්ද්‍ර නිසා වක‍්‍ර රැුකියා ලැබූ අය ගණන විසි තිස් ගණනකට වැඩිය.
මේකේ බෝතල් ලේබලයේ ග‍්‍රැෆික් නිර්මාණයේ ඉඳලා අවශ්‍ය සේරම යන්ත්‍රෝපකරණ හදන එක දක්වාම කළේ මගේම නිර්මාණ ශක්තියෙන්. ප‍්‍රාග්ධනය නැතිකම නිසා මමම ඒවා කළා.මම ලංකාවේ පළමුවැනි බෙවරේජ් කෑන් සීලර් එකත් හැදුවා. මම දන්න තරමින් බීම ටින්වල පියන සීල් කරන්න මැනුවල් උපකරණයකට තියෙන්නෙ මම හදපු එක විතරයි. ලොකු ලොකු කොම්පැණිවල පාවිච්චි කරන පියන් සීල් කරන මැෂින් එක ලක්ෂ 14කට වඩා වැඩියි.
මම ඒ විදියෙම අතින් වැඩකරවන මැෂින් එක හදාගත්තෙ අර ලොකු මැෂිම ගන්න මට සල්ලි නැති නිසයි.සේරම මැෂින් මම හදලා තියෙන්නෙ ඉස්තරම්ම හිතකර අමුද්‍රව්‍යවලින්. මොකද ආහාර නිෂ්පාදන ව්‍යාපාරයක් කරද්දී මිනිස්සුන්ගේ සෞඛ්‍යය ගැන හිතන්නම ඕන.එදා තැඹිලි වතුර ලීටර් 10ක් බෝතල් කරමින් වැරදි වැරදී පටන්ගත් ව්‍යාපාරය අද අතු ඉති ලා වැඩෙමින් තිබෙන එකකි.
දැනට මගේ නිෂ්පාදන ධාරිතාව අනුව දවසකට බෝතල් 1200ක් හදන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නෙ මාසෙකට බෝතල් 30000 ට වඩා හදන්න අපට පුළුවන්.තැඹිලි වතුර නිකම්ම බෝතල් කරනවාට අමතරව තව අලූත් සංයෝග එකතු කරලා ස්වභාවික අලූත් පාන වර්ග හදන්නත් මම දැං පටන් අරගෙන තියෙනවා. කෝමාරිකා සහ තැඹිලි වතුර පානය, ලංකා දොඩම් සහ තැඹිලි වතුර පානය, කුරුඳු සහ තැඹිලි වතුර පානය, වැල් දොඩම් සහ තැඹිලි වතුර පානය වගේම අන්නාසි සහ තැඹිලි වතුර පානය කියන අලූත් බීම වර්ගත් අපි බෝතල් කරලා විකුණනවා.
ලංකාවෙ හෝටල් අලෙවිසල් ගානෙ මගේ නිෂ්පාදන අරන් ඇවිදලා කිසිම හේතුවක් නැතුව ඒවා ප‍්‍රතික්ෂේප වුණාම මට ලොකු කලකිරීමක් ඇති වුණා. අපේ රටේ මිනිස්සු කොහොමත් අපේ කෙනෙකුගේ අලූත් වැඩක් පිළිගන්න කැමති නැහැ. කොහොමත් මගේ හීනෙ තිබුණෙත් පිටරටට තැඹිලි අපනයනය කරන්නනෙ. ඒ නිසා මම ලංකාවෙ විකුණන එක අත්හැරදාලා අපනයන වැඩ පටන් ගත්තා. මට අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් සෑහෙන්න උදවු කළා. ඒ වගේම ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියත් ලොකු ශක්තියක් වෙනවා. අද මගේ ආයතනය අපනයන සංවර්ධන මණ්ඩලයේ සහ පොල් සංවර්ධන මණ්ඩලයේ අනුමැතිය ලද නිෂ්පාදනායතනයක්. මම දැන රුසියාවට සහ ජර්මනියට තැඹිලි බෝතල් අපනයනය කරනවා.
මේකට මට රස ගුණ පැත්තෙන් තරග කරන්න ලෝකෙ කවුරුවත් නැහැ. මොකද ලෝකෙ රසම හො`දම තැඹිලි වැවෙන්නෙ ශ‍්‍රී ලංකාවෙ. ඒකෙනුත් මම ඉන්න කළුතර – පානදුර පැත්තෙ තැඹිලි රසින් ගොඩාක් වැඩියි. හැබැයි මට ජාත්‍යන්තරය ජයගන්න ලොකු ප‍්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි බටහිර රටවල මිනිස්සු තැඹිලි කියන්නෙ මොනවද ඒක කොච්චර ගුණද කියලා දන්නෙ නැතිකම. මට තැඹිලි ගැන එයාලට මුල ඉදලා විස්තර කරන්න වෙලා තියෙනවා.
අනික් බාධාව තමයි තායිලන්තයෙන් සහ වියට්නාමයෙන් පොල් හා කුරුම්බා වතුර මහ විශාල වශයෙන් නිෂ්පාදනය කිරීම. මහා පරිමාණයෙන් කරද්දී එයාලගෙ මිලත් අඩු මට්ටමක තියෙන නිසා මට මිල කිරීමෙදිත් ගැටලූ තියෙනවා. හැබැයි මේ එකක් නිසාවත් මම වැටෙන්නෙ නැහැ. හෙළ කොකෝ එනර්ජි කියන නම මම අදට වඩා හෙට ලෝකෙට ගෙනියනවා. අපේ පානය නිසා ලංකාව කියන රට ගැන ලෝකය කතාවෙනවා දකින්න මට ඕන.
කුඩා තනි මිනිහෙකුගේ ශක්තියත් ඔහු හීන දකින හීනවල විශාලත්වයත් වෙනුවෙන් හිස නමා ආචාර කරන්නට කාලය එළඹ තිබේ. හීන හැබෑ කරගන්නට හැකි පමණින් කාගේත් උදවු වුවමනාය. ඇතැම් විට ඒ උදවු හදවතින් පිරිනමන ආශීර්වාදයක් විතරක්ම වෙන්නට පුළුවන.”හෙළ කොකෝ එනර්ජි කියලා ශ‍්‍රී ලංකාවෙන් අපනයනය කරන ස්වභාවික ගුණදායක පානය තව අවුරුදු පහක් ඇතුළත ලෝකයේ හොඳම පාන වර්ග 05 අතරෙ තියෙන්න ඕන. මම ඒ හීනය හැබෑ කරගන්න දවල් ? නැතුව වැඩ කරනවා.”ජවයෙන් පිරුණු ඒ වචනවලට ආශීර්වාද නොකර ඉන්නට හැකි හදවතක් මේ මිහිපිට කාට හෝ තිබිය හැකිද?
උපුටා ගැනීම - රිවිර පුවත්පත
සිංහල බ්ලොග් වලින් හම්බ කරන හැටි
සමහර වෙලාවට Sinhala බ්ලොග් එකක් ඔයාලත් ලියනවා ඇති. ඔයා බ්ලොග් එක ලියන්න ඇත්තෙ ඒකෙන් ගානක් ඉපැයීමේ අරමුණින් වෙන්න ඕන. වැඩේ කියන්නෙ ඇඩ්සෙන්ස් වගේ හොදම ඇඩ්වටයිසින් කම්පැණි ඔයාගෙ සිංහල බ්ලොග් වලට අනුමත කරන්නෙ නැති එක. තව චිටික, බිඩ්වටයිසර්, රිවෙනුයිශිට් වගේ ඇඩ්වටයිසින් කම්පැණි ඔයාගෙ සිංහල බ්ලොග් එකට ඇඩ්ස් දුන්නත් ඒවගෙන් ගානක් ලැබෙන්න, පිටරට කෙනෙක් ඇවිත් අපේ බ්ලොග් එකේ ඇඩ්ස් ක්ලික් කරන්නම ඕනෙ. අපේ සිංහල බ්ලොග් වලට පිටරටින් කට්ටිය ඒවිද? ඒ එන කෙනා අපේ බ්ලොග් එකේ ඇඩ්ස් ක්ලික් කරාවිද? මමත් එක එක ඇඩ්ස් දාගෙන හිටියා අන්තිමට මාස තුනක් ගිහිල්ලත් එකතු වුනේ $0.05 කියන්නකො. මම ඉතින් උත්සහය අත්හැරියෙම නෑ. අන්තිමට කොහොමහරි හොදම ඇඩ්වටයිසින් නෙට්වර්ක් එක හොයාගත්තා. මේක සිංහල බ්ලොග් වලටත් අනුමත කරන විශ්වාසවන්ත වෙබ් සමාගමක්.
Adsence වගේ ඒවගෙ ඔයාට ගානක් ලැබෙන්න එන විසිටර් කෙනෙක් බ්ලොග් එකේ තියෙන අඩ්ස් ක්ලික් කරන්නම ඕනනෙ. නමුත් මේකෙ එහෙම කරන්න ඕනැ නැහැ. එන විසිටර් කෙනෙක් ඇඩ් එක වීව් කලාම ඇති. එහෙමත් නැතිනම් ඉම්ප්‍රෙශන් එකක් දුන්නම ඇති. ලැබෙන ඉම්ප්‍රෙශන් ගානට අපිට Money එකතු වෙනවා.
සයිට් එක මොකක්ද කියලා කීවෙ නෑනෙ. මේකෙ නම පොප්කෑෂ්. ලෝකයේ හොදම සී.පී.අයි සයිට් එකක්. ඔයාගෙ අකවුන්ට් බැලන්ස් එක 10$ වුනාම ඔයාට ඒවා ඔයාගෙ පේපැල් හරි පේස හරි හරහා Withdraw කරගන්න පුලුවන්. ඔයාලා කැමතිනම් මේකට ජොයින් වෙලා ඔයාගෙ නිකන් තියෙන බ්ලොග් එකෙන් ගානක් හොයාගන්න පහල ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙන්න.
පස්සෙ ඔයාගෙ වෙබ් අඩවිය Popcash වලට දෙන්න. එයාලා ඔයාගේ සයිට් එක බලලා පැය 24 ක් ඇතුලත අනුමැතිය දේවි.
දැන් වැඩේ ඉවරයි. ඔයා ඊට පස්සෙ ගෙට් කෝඩ් ගිහින් ඒ එච්.ටී.එම්.එල් code එක ඔයාගෙ බ්ලොග් එකේ දාගන්න. දැන් එන විසිටර් කෙනෙක් ඒ ඇඩ් එක බලන ගානට ඔයාගේ අකවුන්ට් එකට සල්ලි වැටේවි. දවස් 2, 3කින් බලන්න කීයක් එකතු වෙලා තියෙනවාද කියලා. American හරි එංගලන්ත හරි කෙනෙක් ඇඩ්ස් බැලුවොත් ඔයාට ලැබෙන ගාන වැඩියි.
පුලුවන් තරම් ඔයාගෙ බ්ලොග් එක නිතර නිතර අප්ඩේට් කරන්න. බ්ලොග් පෝස්ට් ලියනකොට වචන අඩුම 600ක් වත් ලියන්න බලන්න. ඔයාගෙ Blog post Twitter, Facebook වලට Share කරන්න. මේවා කරාම අනිවා Traffic එක එනවා බ්ලොග් එකට. Traffic වැඩිවෙන්න වැඩිවෙන්න ඔයාට ලැබෙන ගානත් වැඩි වේවි. පස්සෙ රිෆරල් වලින් කට්ටිය ගෙන්වාගෙන එන ආදායම දෙගුණ කරගන්න ඔයාට පුලුවන්.
ඔබ නොදන්නා වෙසක් පොහොය...
දුකින් ඉපිද, දුකින් ජීවත්වී, දුකින් මියයන සත්වයා කෙරෙහි මහා අනුකම්පාවෙන් මහත් දුෂ්කරක්‍රියා කොට ඒ උතුම් සැනසීමේ මාර්ගය ලොවට විවර කරදුන් ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයා සිහිකිරීම වෙනුවෙන් ලොව පුරා බෞද්ධයෝ වෙසක් උත්සවය මහත් ගෞරව භක්ත්‍යාදරයෙන්, විචිත්‍ර අන්දමින් සැමරීම සිදුකරයි. වෙසක් පුර පසළොස්වක පොහෝදිනක ලුම්බිණි සල් උයනේ බෝසත් උපත සිදුවීම කිඹුල්වත් නුවරට පමණක් නොව මුළු ලොවටම මහා මංගල්‍යයක් වූයේ, ලෝකයාම සසර දුකින් මුදාගත් ඒ පින්බර කුමරුන්ගේ උපත මහා ආශ්චර්යක් වූ නිසාවෙනි. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට ඉහත දීපංකර බුදුන්වහන්සේ සමයේදී එළඹි වෙසක් දිනයක, මතු බුදුවන බවට නියත විවරණ ලබා වෙසක් පුන් පොහෝ දිනයක මෙලොව එළිය දුටු බෝසතානන් වහන්සේ වෙසක් දිනයකම ලොව්තුරා බුද්ධත්වයට පත්වූ සේක. බුදු බව ලබා 45 වසරක් ලෝ වැසි ජනතාව සසර දුකින් මුදවාලීම සඳහා අපමණ වෙහෙසක් දරා අවසානයේ සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාව පසක් කරමින් වෙසක් පොහෝ දිනකම පිරිනිවන් පා වදාළ සේක.
රජ පවුලක උපත ලැබූ බෝසතාණන් වහන්සේගේ බෝසත් උපත මහත් උත්සවශ්‍රීයෙන්, බෝසතාණන් වහන්සේගේ උපන් දිනයේම සැමරීම සිදුවූ අතර එදා පටන් අද දක්වාම බුද්ධ තෙමඟුල ලෝකවාසී බෞද්ධයෝ මහත් උත්සවාකාරයෙන්ම සැමරීම සිදුකරති. මෙරට ජනයාගේ උත්සව අතරින් ප්‍රධානම උත්සවය වන්නේද වෙසක් උත්සවයයි. මෙරට බෞද්ධ ජනතාවට හේතූන් කිහිපයක් නිසාම ආගමික, ජාතික හා සංස්කෘතික වශයෙන් ද වෙසක් දිනය ඉතා වැදගත්වේ. මහාවංශයෙහි පළමු පරිච්ඡේදයේ 72 – 84 ගාථාවන්හි දැක්වෙන අන්දමට බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කොට සමන් දෙවියන්ගේ ආරාධනයෙන් සමනල කන්දේ ශ්‍රීපාදය පිහිටුවීම සහ අනාගතයේදී ඉදි කළ යුතු වැදගත් ආගමික ස්ථාන හඳුනා ගෙන ඒ ස්ථානවල වැඩසිටීම සිදුකළේ වෙසක් පුර පසළොස්වක දිනකදීය. කැලණියේ මණිඅක්ඛිත නා රජුගේ හා සමන් දෙවිඳුන්ගේ ආරාධනයෙන් සිදුවූ ලෝක නායකයකුවූ බුදුන් වහන්සේගේ මෙරට ආගමනය දැවැන්ත උත්සවයක් වීම නොඅනුමානය. එදා මෙරට සිටි රජතුමා වූ මණිඅක්ඛිත රජතුමා හා සමන් දෙවියන් ප්‍රමුඛ ජනතාව මුළු රාජ්‍යයම අලංකාර ලෙස සරසා මහත් උත්සවශ්‍රීයෙන් බුදුන්වහන්සේ පිළිගන්නට ඇත. මහාවංශ කතුවරයා ඒ බව මෙසේ දක්වයි “මණිඅක්ඛිත නම් නා රජ තෙම එළඹ සංඝයා සහිත තථාගතයන් වහන්සේට නිමන්ත්‍රණය කළේය. සර්වඥ තෙම සම්‍යක් සම්බෝධියෙන් අටවෙනි වර්ෂයෙහි ජේතවනයෙහි වාසය කරන සේක්. ලෝක ස්වාමී වූ පස්මරුන් දිනූ මුනිශ්වර තෙමේ භික්ෂූන් පන්සියයක් විසින් පිරිවරන ලද්දේ දෙවෙනි දවස පෞර්ණමාසි තිථියෙහි එහිදීම සඟළ සිවුර පොරවා පාත්‍රය (ශ්‍රී හසතයෙන්) ගෙන ඒ කැලණි දෙස වූ මණිඅක් (නාරජහු) නිවෙසට වැඩි සේක. කැලණි සෑය පිහිටි තන්හි කරන ලද රත්න මණ්ඩපයෙහි සංඝයාද මා හැඟි වූ පළගෙහි තමන් වහන්සේ ද වැඩ උන් සේක. සමූහය සමග වූ නා රජ තෙම සොම්නස් වූයේ දිව්‍ය වූ ඛාද්‍ය භෝද්‍යයෙන් සංඝයා සහිත සර්වඥයන් සන්තර්පණය කෙළේය. ලෝකානුකම්පා ඇත්තා වූ ලෝකනායක වූ සර්වඥ තෙම එතන්හි ධම්ම දේශනා කොට අහසට නැග (වැඩ) සමන්කුළු මතුයෙහි පා සටහන දැක් වූ සේක”. බුදුන්වහන්සේගේ තෙවන ලංකා ගමනය මෙරට වෙසක් උත්සවයේ නිල ආරම්භය වන්නටද ඇත.
මහාවංශයෙහි එකොළොස් වෙනි පරිච්ඡේදයේ 42 වැනි ගාථාවෙහි දැක්වෙන පරිදි දෙවන පෑතිස් රජතුමාගේ දෙවැනි අභිෂේක මංගල්‍යය පවත්වන ලද්දේ වෙසක් පොහෝ දිනයකදීය.
“වෙසාබෙ නරපති පුණ්ණ මාය මෙවං
දේවානං පියවචනොපගුළ්හ නාමො
ලකායං පඩිත්ත පීති – උස්සවායං
අත්තනාං ජන සුඛ දෝපා සෙවයිසොති” යනුවෙන් ඒ බව මහා වංශයේ දැක්වේ.
වෙසක් උත්සවය ආගමික උත්සවයක් ලෙසින් ප්‍රථම වරට සිදුකළ බව සඳහන් වන්නේ මෙරට බුදු දහමට විශාල සේවාවක් ඉටුකළ ගැමුණු මහ රජතුමාගේ කාලයේදීය. බු.ව. 383 – 407 (ක්‍රි.පූ. 161 – 137) ගැමුණු මහරජ තුමාගේ පාලන සමය තුළදී පැවැත්වූ වෙසක් උත්සව පිළිබඳ මහාවංශයෙහි ලිඛිත සාධක හමුවේ. ගැමුණු මහරජතුමා වෙසක් උත්සව 24 පැවැත්වූ බව මහාවංශය සඳහන් කරයි.

“මහා වෙසාඛ පූජා චචතුවීසති තාරයිං
දීපෙ සඬගස්ස භික්ඛන්තුං තිචීවරමදාපඨං”
දීපෙ සඬගස්ස භික්ඛන්තුං තිචීවරමදාපඨං”
“සූ විස්සක් මහත් වෙසක් පූජාද කරවීමි ” යනුවෙන් මහාවංශයෙහි තිස්දෙවෙනි පරිච්ඡේදයේ 35 වැනි ගාථාවෙහි වෙසක් පූජා සිදුකළ බව දක්වා ඇත. පූජාවලියේ ද ගැමුණු රජතුමාගේ මේ වෙසක් උත්සවය පිළිබඳ දීර්ඝ විස්තරයක් ද දක්වා ඇත. ගැමුණු මහ රජතුමා මහා ථූපය හෙවත් රුවන්වැලි මහා සෑය ඉදිකිරීම ආරම්භ කොට ඇත්තේද වෙසක් දිනයේදීය. ඒ පිළිබඳව මහා වංශයේ විසිනම වන පරිච්ඡේදයෙහි 1සිට 4 දක්වා ගාථාවන්හි මෙසේ සඳහන්වෙයි. “මෙසේ උපකරණ සම්පූර්ණ වූ කල්හි වෙසඟ පුරපසළොස් වක විසා නකත පැමිණි කල්හි මහ සෑය පිණිස ආරම්භ කළේය. මිහිපල් තෙමේ එහි ගල්ටැඹ පහ කරවා අනේක ප්‍රකාරයෙන් ස්ථිර කරනු පිණිස සෑ තැන සත් රියනක් කැණවූයේ ය. අර්ථානර්ථ දැන්මෙහි දක්ෂ වූ නරේන්ද්‍ර තෙම එහි සුණු ගල් යෝධයන් ලවා ගෙන්වා ගුළු ගස්වා සුණු කකරන ලද ගල් භූමිය ස්ථිර වන පිණිස සමින් වසන ලද පතුල් ඇත්තා වූ මහඇතුන් ලවා මැඩ වී”.
බු.ව. 524-552 (ක්‍රි.පූ. 10 – ක්‍රි. ව. 9 ) දක්වා රජකම් කළ භාතිකාභය රජතුමාද තම රාජ්‍ය කාලයේදී මහා වෙසක් පූජා විසි අටක් කළ බවත් මහාවංශයේ දැක්වෙයි
“මහා වෙශාඛ පූජාව උළාර අට්ඨවීසති
චතුරාසීති සහස්සතී පූජාච අනුළාරිකා”
“අට විස්සක් මහ වෙසක් පූජාය” යනුවෙන් මහාවංශයෙහි තිස්හතර වෙනි පරිච්ඡේදයේ 19 වැනි ගාථාවෙහි දක්වා තිබේ. භාතිය රජතුමා කිරිබත්, මී, ගිතෙල්, සකුරු ආදියෙන් දන් දෙමින් වෙසක් උත්සවය පැවැත්වූ බව වංසත්ථප්පකාසිනී මහා වංශටීකාව විස්තර කරයි. බු.ව. 608 – 652 (ක්‍රි. ව. 67 – 111) දක්වා රජකම් කළ වසභ රජතුමාද සූසාලිසක් වෙසක් පූජා ද කරවී යනුවෙන් මහා වංශය දක්වයි. මහාවංශයෙහි තිස්පස්වෙනි පරිච්ඡේදයේ 100 වැනි ගාථාවෙහි
“චතුකාළීස වස්සානි පුරෙ රජ්ජ මකාරයි
චතු කාළිස වෙසාඩ පූජායොච අකාරයි”
යනුවෙන් වසභ රජතුමා වෙසක් උත්සවය සිදුකළ අන්දම දක්වා තිබේ. මහා වංශ කතුවරයා මෙම රජවරුන්ගේ වෙසක් උත්සව ගැන දක්වා ඇත්තේ වෙසක් උත්සව නොව වෙසක් පූජා වශයෙනි. මෙලෙස බෞද්ධ රජවරු අඛණ්ඩව වෙසක් උත්සවය පවත්වා ගෙන ගිය බව ඉතිහාස පුවත් දෙස බැලීමෙන් පෙනී යයි.
“මහා වෙසාඛ පූජං සො කාරෙක්වාදීපවාසිනං
සබ්බේසං යෙව භික්ෂුණං තිචීවරමධෘපයි”
යනුවෙන් බු.ව. 757 – 779 ( ක්‍රි. ව. 215 – 237) දක්වා රජ කළ වෝහාරික තිස්ස රජු වසරක් පාසාම මහා වෙසක් පූජෝත්සව පවත්වා භික්ෂූන්ට තුන්සිවුරු පූජා කළ බව මහාවංශයෙහි තිස්හය වෙනි පරිච්ඡේදයේ දැක්වේ.
“තිංස භික්ඛු සහස්සානං ඡචීවර මදා පයි
මහා වෙසාඛ පූජඤ්ච තදා ඵවං ආකාරයි”
යනුවෙන් එම පරිච්ඡේදයේම 109 – 110 වැනි ගාථාවෙහි දැක්වෙන අන්දමට බු.ව. 796-809 ( ක්‍රි. ව. 253 – 266) රජ කළ ගෝඨාභය රජතුමා වෙසක් උත්සව පවත්වා තිස්දහසක් භික්ෂූන්ට සිවුරු පූජා කරන ලද බව සඳහන් වෙයි. “එකල මහ වෙසක් පූජාවද එසේම කරවීය” යනුවෙන් දක්වා තිබේ. එයින් පැහැදිලි වන්නේ මහ වෙසක් පූජාව පෙර සිටි සෑම රජතුමෙකුම සිදුකල මහා පිංකමක් බවයි. බු.ව. 809 -819 ( ක්‍රි. ව. 266 – 278) දක්වා රාජ්‍ය කළ දෙටුතිස් රජතුමා ද වෙසක් පූජෝත්සවය පවත්වා, තිස් දහසක් භික්ෂුන්ට සිවුරු සයක් බැගින් පූජා කළ බව සඳහන් වේ.
“කාලමන්තිකාවාපිං සොඅදා චේතිය පබ්බතෙ
විහාර පාසාද මහං මහා වේසාඛ මේවච ”
යනුවෙන් මහාවංශයෙහි තිස්හය වැනි පරිච්ඡේදයේ 130 – 131 වැනි ගාථාවෙහි දැක්වේ. මේ අනුව පැහැදිලි වන්නේ වෙසක් උත්සවය දාන මාන වැනි පුණ්‍ය කටයුතුවලට ප්‍රමුඛතාවය ලබා දෙමින් පැවැත්වූ උත්සවයක් බවයි. වෙසක් උත්සවයත් සෑම රජතුමෙකු විසින්ම පැවැත්විය යුතු අංගයක් ලෙසින් පරපුරෙන් පරපුරට සම්ප්‍රේශනය වූ බවයි. “වෙසක් පූජාදී චාරිත්‍ර සියල්ලක් ම” ඉටුකළ බව දැක්වීමෙන් පෙනී යන්නේ රජවරුන් විසින් වෙසක් උත්සවය අනිවාර්යයෙන්ම ඉටුකළ යුතු සද් චාරිත්‍රයක් වූ බවයි. “සබ්බං වෙසාඬ පූජාදිං – චාරිත්තානුගතං අකා” “වෙසක් පූජා ආදී චාරිත්‍ර ක්‍රමයෙහි ආ සියල්ල කෙළේය” යනුවෙන් මහාවංශයෙහි හතළිස් දෙවැනි පරිච්ඡේදයේ 46 වැනි ගාථාවෙහි දැක්වෙන අන්දමට වාර්ෂිකව වෙසක් උත්ස්වය පැවැත්වීම පිළිබඳ අනුගමනය කළ යුතු සිරිත් විරිත් හා නීති පද්ධතියක් තිබූ බවත් ඒවා රජුන් විසින් ඒ අයුරින්ම පිළිපදින්නට ඇති බවත් සිතිය හැකිය.
මුලදී වෙසක් උත්සව “වෙසක් පූජා” ලෙස දැක්වුවද පසුකාලීනව “වෙසක් කෙළි” ලෙස හඳුන්වා දී ඇති අවස්ථා හමුවේ. ක්‍රිස්තුවර්ෂ 7 වන සියවස පමණ වන විට වෙසක් පූජා හැඳින්වීමට “වෙ සාඛ ඛීලං” හෙවත් වෙසක් කෙළි යන්න භාවිතයට පැමිණ තිබේ. වෙසක් පූජාවලදී භික්ෂුන් වහන්සේලාට දානය දීම, සිවුරු පූජාව වැනි පිංකම් කෙරහි ප්‍රමුඛතාවය දැක්වුවද වෙසක් කෙළිවලදී එය වඩාත් විසිතුරු අන්දමින් පැවැත්වීමට උත්සාහ ගෙන ඇත. මෙහිදි භික්ෂූන් වහන්සේලාට දානය දීම පමණක් නොව දුගී, මගී, යාචකයිනටද ආහාරපාන හා ඇඳුම් දීම ආදී කටයුතු සිදුකර ඇත. විවිධ සැරසිලිවලින් උත්සවය වර්ණවත් කර ඇත. පූජාවලියේ 34 වැනි පරිච්ඡේදයේ දුටුගැමුණු රජුගේ “පුණ්‍ය ගාථා” සඳහන්වන තැන දක්වා ඇත්තේ රජෙක් කළ වෙසක් පූජා පිළිබඳ විස්තරයකි. එහෙත් පරාක්‍රමබාහු රජතුමා පිළිබඳ දක්වා ඇත්තේ එතුමා සිදු කළ වෙසක් “කෙළි” යනුවෙනි.
බු.ව 1411 – 1446 ( ක්‍රි.ව. 851 – 885) අතර රජකම් කල දෙවැනි සේන රජුගේ රාජ්‍ය සමයේදී වෙසක් උත්සවය සැමරූ ආකාරය දැක්වෙන්නේ “වෙසක් කෙළි” වශයෙනි. දෙවන සේන රජතුමාද රට වැසියන් හා එක්වී මහත් උත්සවශ්‍රීයෙන් වෙසක් උත්සවය පැවැත්වූ බව වංශ කතා සඳහන් කරයි. එකල වෙසක් උළෙල නිසා රට එකම සැණකෙළියක් බවට පත්වූ බව සඳහන් වේ. වෙසක් දන්සැල්ද එකල සිටම පැවතුණි. දෙවන සේන රජතුමාද ජනතාවට ආහාරපාන සහ වස්ත්‍ර බෙදා දෙමින් වෙසක් උළෙල පවත්වා ඇත. “හෙතෙම දුගී දනන් හා එක්ව ඔවුන්ට රිසි සේ බත්, පැන් වත් දී වෙසඟ කෙළි කෙළියේය” යනුවෙන් මහාවංශයෙහි පනස් එක් වැනි පරිච්ඡේදයේ 84 වැනි ගාථාවෙහි දැක්වේ.
පොළොන්නරු යුගයේ රජ කළ මහා පරාක්‍රමබාහු රජතුමා වෙසක් උත්සවය සඳහා විශේෂ රාජකීය අනුග්‍රහයක් ලබා දී ඇත. දඹදෙණි යුගයේ රජකළ පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා පැවැත්වූ වෙසක් උළෙලක් පිළිබඳ තොරතුරු පූජා වලියේ සඳහන්වේ. එසේම වෝහාර තිස්ස, ගෝඨාභය, ජෙට්ඨතිස්ස යන රජවරුන්ද ජාතික උත්සවයක් සේ සලකා වෙසක් උත්සවය සැමරීම සිදුකළ බව වංශ කතා ප්‍රකාශ කරයි. පළමුවැනි පරාක්‍රමබාහු රජතුමාලේ කාලයේදී වෙසක් කෙළි පැවැත්වූ බව පූජාවලියෙහිද සඳහන් වේ. “ඒ ඒ තන්හි රඟ මඬුළු මැද නටන ලද නළු පිරිසෙන් හා බුදුන්ගේ ස්තුති ගී කිය කියා ඒ ඒ දිග්හි සිට බුද්ධ ශාන්ති කරන බලිභෝජක මණ්ඩල පඬිත්තීන්” (ඒ ඒ තැන්වල පංචාංගික තූර්යනාදයෙන් හා ශක්‍රයාගේ හඳුන් උයන්වන් දිව්‍ය උත්සව මෙවැනි යැයි මනුෂ්‍ය ලෝකයට ගෙනහැර දක්වන්නාසේ) යනුවෙන් දෙවැනි පැරකුම්බා රජු කෙළි සෙල්ලම් සහිත සැණකෙළියක ස්වරූපය වෙසක් උළෙලක් පැවැත්වූ අකාරය පූජාවලියෙහි දක්වා තිබේ.
මෙලෙස අතීත රජ සමයේ පටන්ම රාජ අනුග්‍රහය යටතේ අඛණ්ඩව පැවැත්වූ වෙසක් උත්සවය යම් යම් කාලසීමාවන්වලදී බාධාවන්ටද මුහුණ පෑවේය. භික්ෂූන් වහන්සේලා සමග නිරන්තර ගැටුම් ඇති කරගත් සීතාවක රාජසිංහ රජුගෙන් වෙසක් උළෙලට බාධාවන් සිදුවූ බව ඉතිහාස කතා පුවත්වල දැක්වේ. බටහිර ජාතීන් මෙරට ආක්‍රමණය වෙසක් උත්සවයට බාධා පැමිණීමට මෙන්ම වෙසක් උත්සවය විශාල පරිවර්තනයට ලක්වීමටද හේතුවිය. 1770 දී විශේෂ පනතක් ගෙන ඊමන් විල්ලෑම් ප්ලෑක් නම් ලන්දේසි ආණ්ඩුකාරවරයා විසින් එතෙක් පැවති පොහොය නිවාඩුව අවලංගු කිරීමත් සමග වෙසක් පොහොයද ලන්දේසීන් සිටි පහතරට ප්‍රදේශවල අවලංගු විය. ඉංග්‍රීසි ජාතිකයින්ද වෙසක් දිනයට තිබූ නිවාඩු අවලංගු කොට වෙසක් උළෙලට බාධා පමුණුවා තිබේ. නමුත් 1880 දී ලංකාවට පැමිණි ඕල්කට්තුමා නිසා යළි වෙසක් උළෙල නිවාඩු දිනයක් කිරීම මෙන්ම වෙසක් උත්සවය නව ආකාරයෙන් රට පුරා පැතිරීමත් සිදුවිය. ඕල්කට්තුමා එවකට යටත්විජිත ලේකම්වරයා වූ ඩර්බි සාමිවරයාගෙන් කළ ඉල්ලීම අනුව වෙසක් පොහොය දිනය ලංකාවේ රාජ්‍ය නිවාඩු දිනයක් බවට පත්කිරීමට අනුමැතිය ලැබුණි. ඒ අනුව 1885 මාර්තු 27 දින ගෝඞ්න් ආණ්ඩුකරු විසින් අංක 4648 දරන ගැසට් පත්‍රය මඟින් වෙසක් දිනය රජයේ නිවාඩු දිනයක් බවට නිල වශයෙන් ප්‍රකාශ කළේ ය. 1886 අංක 4 දරන ආඥා පනතින් මේ නිවාඩු දිනය නීතිමය වශයෙන් තහවුරු කිරීම වෙසක් උළෙලට ලැබුණු නීතිමය පිළිගැනීමක් විය.
මෑත කාලයේ වෙසක් උළෙල වඩාත් උත්කර්ශවත් ආකාරයෙන් සමරන ලද්දේ 1956 වසරේ උදාවූ බුදුරජාණන් වහන්සේ පිරිනිවී වසර 2500ක් ගතවීම අනුස්මරණය කරමින් පැවැත් වූ බුද්ධ ජයන්තියයි. 1956 බුද්ධ ජයන්ති වර්ෂය ලෙස නම්කොට වසර පුරාම රට පුරා බෞද්ධ ප්‍රබෝධයක් ඇති කරමින් වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවන ලදී. මේ මගින් මෙරට ජනතාව තුළ විශාල වශයෙන් ආගමික නැඹුරුවක් ඇති කිරීමට හැකිවිය. බුද්ධ ජයන්ති වසර සඳහා රජය මගින් තුන් සූත්‍රය පොතක් පාසල් සිසුන් අතරේ බෙදා දුන් අතර පවුලේ සෑම දෙනාම එක්වී පිරිත් හඬනඟා කීමෙන් පසු මෛත්‍රී භාවනාව වඩා නින්දට යාම මේ හරහා මුළු රටටම හුරු කළේය. අදටත් බෞද්ධ පවුල් අනුගමනය කරන මේ සිරිත 2500 බුද්ධ ජයන්තියේ ප්‍රතිඵලයකි.
වෙසක් කලාප, සඟරා හා පුවත් සියලු මාධ්‍ය ආයතන මගින් ප්‍රකාශයට පත්කරන ලද අතර තවමත් බොහෝ මාධ්‍ය ආයතන “පොහොය කලාප” නිකුත් කරනු ලබයි. බුද්ධ ජයන්තිය වෙනුවෙන් රුපියලේ සහ රුපියල් පහේ කාසි නිකුත් කිරීමද සිදුවූ අතර “බුදු සසුන බැබළේවා” යනුවෙන් සඳහන් පුවරු හා බෞද්ධ කොඩි භාවිතයට පැමිණියේද 1956 වසරේ උදාවූ බුද්ධ ජයන්තිය නිසාවෙනි. ගුවන් විදුලිය මගින් විශාල වශයෙන් ධර්ම දේශනා හා ආගමික වැඩසටහන් විසුරුවා හැරි අතර අද පවත්නා බොහෝ ගුවන් විදුලි ආගමික වැඩසටහන් හා ධර්ම දේශනා බුද්ධ ජයන්තිය නිසා ආරම්භ වූ ඒවාය. ගුවන් විදුලියෙන් ප්‍රථම වරට පසු දා පහන් වනතුරු සර්ව රාත්‍රික පිරිත් දේශනා විසුරුවා හැරීමද මේ නිසා ආරම්භ විය. වෙසක් තොරණ හා දන්සල් රට පුරා බහුල ලෙස පැතිර යාමට හේතු වූයේද 2500 බුද්ධ ජයන්තියයි.
1998 නොවැම්බර් මස ශ්‍රී ලංකාවේ පැවැති අන්ර්ජාතික බෞද්ධ මහා සම්මේලනයේ යෝජනාවක් අනුව 1999 දෙසැම්බර් 13 වැනි දින වෙසක් දිනය සමස්ත ලෝකවාසීන් විසින් අනුස්මරණය කළ යුතු දිනයක් ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය පිළිගන්නා ලදී. ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය 2000 වසරේ සිට වෙසක් දිනය ජාත්‍යන්තර දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමා එම දිනය සම්මත කර ගැනීමෙහිලා ලා විශාල මෙහෙයක් ඉටුකළේය. නමුත් වෙසක් දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් ලෙස නම් කළ යුතු බවට ඉදිරිපත් වූ යෝජනාව ප්‍රතික්ෂේප විය. ඊට හේතු ලෙස ඉදිරිපත් වූයේ එවැනි දිනයක් හරහා ලෝකයට අමතර වියදමක් එකතුවන බවට කරුණු ඉදිරිපත් වීමයි. නමුත් පසුව ඉදිරිපත්වූ කරුණු අනුව 193 දෙනෙකුගෙන් සමන්විත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් වෙසක් පොහොය දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් ලෙස ඒකමතිකව පිළිගෙන තිබේ. ඒ අනුව 2016 සිට වෙසක් පොහොය දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත්විය.
බුදුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්ව වසර 2600ක් ගත වීම 2011 මැයි මස 17 දිනට යෙදුණු වෙසක් පුන් පොහෝදා උදා විය. පිළිවෙතින් පෙළගැසෙමු යන තේමා පාඨය භාවිතා කර ගනිමින් උදාවුණ 2600 වන සම්බුද්ධත්ව ජයන්තිය ඉතිහාසයේ මැත කාලයේ උදාවුණ ප්‍රධානම වෙසක් උත්සව දිනයයි. මේ සම්බුද්ධත්ව ජයන්තිය නිසාද රට තුළ විශාල ආගමික ප්‍රබෝධයක් ඇතිවිය. අද පවතින ආගමික දියුණුව 2600 වන සම්බුද්ධත්ව ජයන්තියේ ජයග්‍රහණයකි. 2017 වර්ෂයේ දී 14 වෙනි එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය (ජාත්‍යන්තර වෙසක් උළෙල) හා ලෝක බෞද්ධ සමුළුව මෙරටදී පැවැත්වුණු අතර එය ජාත්‍යන්තර වෙසක් උළෙල මෙරට ප්‍රථමවරට පැවැත්වූ අවස්ථාව විය.
බෞද්ධයන්ට සුවිශේෂීම උත්සවයක් වන වෙසක් උත්සවය වසර දහස් ගණනක් තිස්සේ පැවත එන සාරවත් බෞද්ධ උත්සවයකි. එහි අතීත ශ්‍රී විභූතිය රැක ගනිමින් ඉදිරියටත් පවත්වා ගැනීම සියලු බෞද්ධයන්ගේ යුතුකමකි. එවිට තවත් වසර දෙදහස් පන්සියකින් මෙවැනිම සටහනක් කිසිවකු හෝ ලියා තබනු ඇත.