Google Adsense ගැන A to Z



1.) Google Adsense කියන්නේ ?

Google Search Engine එක ව්යා ප්ත වීමත් සමග GOOGLE ADWORD කියලා වැඩසටහනක් ආරම්භ කළා GOOGLE ADWORD වෙත වෙලද දන්වීම් ලබාදිය හැකි අතර ඒවා Google Search Engine එක ඔස්සේ ප්රaචාරණය කරන ලදි.මේ තුලින් Google සමාගම විශාල මුදල් උපයන ලදි.ඒ අනුව මේ ආදායම තව තවත් වැඩි කරගැනීමේ අරමුණින් Google සමාගම ‍තෝරාගත් ලෝකයේ හොදම වෙබ් අඩවි කිහිපයකට මෙම වෙලද දැන්වීම් ලබාදුන් අතර එම වෙලද දැන්වීම් ප්රදචාරණය කිරීම වෙනුවෙන් එම වෙබ් අඩවි වලට මුදල් ගෙවන ලදි.ඒ Google Adsenseහි ආරම්භයයි.පසුකාලීනව ඕනම කෙනෙක්ට වෙබ් හෝ බ්ලොග් අඩවියක් සකසා ඊට Google සමාගමේ වෙලද දැන්වීම් ප්රභචාරණය කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා සිටිය හැක.ඒ අනුව එම වෙබ් බ්ලොග් අඩවියේ ගුණාත්මක භාවය සැලකිල්ලටගෙන ගූගල් සමාගම තම හවුලට එම වෙබ් අඩවිය එකතු කරගන්නවාද නැද්ද යන්න තීරණය කරයි.

2.)Impression කියන්නේ ?
වෙබ් පි‍ටුවකින් වෙබ් පි‍ටුවකට යාමේදි එම වෙබ් පි‍ටු අතර ස්ථානගත කර ඇති Ads Unit, Reload/Refresh වීමක් සිදුවේ.මෙසේ එම Ads Unit Reload වන එක වාරයක් Impression එකක් ලෙස සැලකේ.Google Adsenseහි ඇති විශේෂත්වය වන්නේ අපට ලැබෙන Impression ගණනනටත් මුදල් ගෙවීමයි.මීට අමතරව CTR යන පදයට සමාන පදයක් ලෙස යම් යම් තැන් වල භාවිතා කළත් එහි නියම අරුථ ඉහත අරුථයි.

3.)CTR එක කියන්නේ ?
Impression හා Clicks අතර අනුපාතය ප්රලතිශතයක් ලෙස ගත්තාම එයට CTR එක ලෙස හදුන්වනවා.Google Adsense සතු ඵලපුරුද්ද අනුව සාමාන්යෙයෙන් Impression 40කට එක Click එකක් Click වන බව ඔවුන් දනී.ඒ අනුව Impression 400කට Ad 10ක් Click විය හැකි බව ඔවුන් දනී.නමුත් Impression 400කට Ad 40ක් Click විය නොහැකි බව ඔවුන් දනී.ඒ අනුව CTR එක 8-10%කට වඩා වැඩි ගිණුම ව්යාබජ ගිණුම් ලෙස සලකා ඒවා අවලංගු කරනු ලැබේ.එම නිසා සෑම විට CTR එක 5%ට වඩා අඩුවෙන් තියා ගන්න උත්සාහ කරන්න.

4.)CPC එක කියන්නේ ?
ඔබගේ Impression හා Clicks අනුව Impression 1,000 කදී ඔබ උපයන මුදල CPC එක ලෙස ගණනය කර පෙන්වනු ලැබේ.මෙය $10-15 අතර තියේ නම් වඩා සුදුසුය.මොකද එවිට අපිට ඉහල ආදායමක් ලබාගත හැකි නිසාය.මෙය $10-15 අතරට ගැනීමට නම් ඔබේ එක Click එකකට ලැබෙන මුදල ඉහල අගයක් ගත යුතුය.ඇමරිකානු,යුරෝපානු,ඕස්ට්රේනලියානු Click සදහා වැඩි මුදලක් ගෙවයි.ඔවුන් වැඩිපුර අපේ බ්ලොග් කරා ගෙන්වා ගත හැකි නම් හෝ ඔබට High Paying Key Words යටතේ ලිපි ලිවිය හැකි නම් ඔබට ඉහළ ආදායමක් ලබාගත හැක.

5.)High Paying Key Words කියන්නේ ?
වැඩිම මිලකට විකිණෙන වෙලද දැන්වීම් වලට අදාල Keywords නිකුත් කරනු ලැබේ.මේවා සොයා ගැනීමට අවශ්යව නම් ඔබට Google Search කිරීම මගින් සොයාගත හැක.යම්කිසි කෙනෙක් වෙබ් පි‍ටුවකට පැමිණි විගස එම විසිටර්ගේ රට සහ ඔහුගේ Cookies හරහා ඔහු සොයන ලද දේවල් ගැන සහ එම වෙබ් පි‍ටුවේ අඩංගු වචන වලට ගැලපෙන ආකාරයට වෙලද දැන්වීම් දිස්වනු ඇත.එම නිසා අප කළ යුත්තේ High Paying Key Words යොදාගෙන ලිපි අපේ බ්ලොගයේ ලිවීමයි.

6.)Google Terms මොනවාද?
Google Terms 18ක් තිබුණාට ඒවායින් ඔබ දැනගත යුත්තේ කිහිපයකි.ඕනම වෙලාවක ගිණුම අවලංගු කිරීමේ හැකියාව Google සමාගමට ඇති බව ආදී වැල්වටාරම් රාශියක් තිබෙනවා.නමුත් ඔබ දැන ගත යුත්තේ පහත නීති රීති පමණි.
A.ඔබට ඔබේම Ad Click කළ නොහැක.
B.මුදල් ගෙවා හෝ නොගෙවා Ad Click කරවා ගැනීම වරදකි.
C.Impression or Clicks ලබා දීමට බලකිරීම,ඉල්ලීම්/ආයාචනා කිරීම, වරදකි.එසේ සිදුකරන ලෙස ඉල්ලා Email යැවීම හෝ බ්ලොගයේ පලකිරීම වරදකි.
D.එකවර එක්කෙනෙක්ට Google Adsense ගිණුම් දෙකක් සක්රී යව තබාගත නොහැක.
ඔයාලට අවශ්යරම නම් මෙතනින් යන්න.මේ බ්ලොග් එකේ කොලුවා දාලා ඇති ඇඩ්සෙන්ස් නීති රීති ටික සිංහලෙන්.
7.)Google Adsense Disable වෙන්න හේතු මොවාද?
ඉහත සදහන් කළ ඕනම නීතියක් කඩ කර ඒ බව Google Adsense විසින් හදුනාගතහොත් ඔවේ ගිණුම Disable වේ.

8.)Google Adsense Disable වූ පසු නැවත ගිණුමක් සාදාගත හැකිද?
බොහෝ පිරිසක් තුල මතයක් තියෙනවා එක පාරක් Adsense Disable වුණා කියන්නේ ආයේ Adsense Disableවූ ගිණුමේ නමට,ලිපිනයට ආයේ ගිණුමක් ලබාගත නොහැකි බවයි.නමුත් එසේ නොමැත.ඔබේ ගිණුම Disable වූයේ නම් ඔබට නැවත Adsense වෙත අයදුම් කළ හැක.ඔබ කළ යුත්තේ අලුතින් Gmail ගිණුමක් සකසා හොද බ්ලොග් එකක් සකසා නැවත Adsense ඉල්ලීමයි.

9.)Adsense ගන්න Toplevel/Full Domain එකක් ඕනද?
නැත.ඔබේ බ්ලොගයේ ගුණාත්මක භාවය හොදයි නම් ,blogspot.com/.wordpress.com ආදි වශයෙන් ඇති Subdomain වලටත් Adsense ගිණුම් හිමිවේ.

10.)Adsense මගින් උපයන මුදල් ලංකාවට ගෙන්වා ගන්නේ කෙසේද?
ඔබේ ගිණුමේ $100 පිරුණු පසු ඔබේ නිවසටම චෙක් පතක් මගින් මුදල් එවනු ලැබේ.

11.)Google Adsense මගින් කොපමණ මුදලක් ඉපයිය හැකිද?
Google Adsense හරහා ඔබ උපයන මුදල තීරණය වන්නේ ලැබෙන Clicks මතයි.ලැබෙන Clicks ගණන තීරණය වන්නේ බ්ලොගයට එන Visitorsලා ගණන අනුවයි.එම නිසා ඔබේ බ්ලොගයට පැමිණෙන විසිටර්ස්ලා ගණන අනුව තමා Earnings තීරණය වන්නේ.

12.)බ්ලොගයට වැඩිපුර Visitorsලා ගෙන්වා ගන්නේ කොහොමද?
ඔබේ බ්ලොගයට පැමිණෙන විසිටර්ස්ලා ගණන ඔබේ බ්ලොගයේ ගුණාත්මක භාවය මත රදා පවතිනවා.කිසියම විසිටර් කෙනෙක් ඔබේ බ්ලොගයට ආපු ගමන් ඔහුට සිත් ඇදගන්නා සුලු පෙනුමකින් බ්ලොගය තියෙන්න ඕන.ඒ කියන්නේ හොද Template එකක් භාවිතා කරන්න ඕන.ඒ වගේම එහි අන්තර්ගත ලිපි තමාගේම විය යුතු යැයි මගේ මතය.මොකද එම ලිපි කියෙව්වාම එහි හරයක් ඇති බවත් ඉදිරියේදී තවත් හරවත් ලිපි පල විය හැකි නිසා නැවත මම මේ බ්ලොගයට පැමිණිය යුතුය යන ආකල්පය විසිටර් තුල ඇති කිරීමට ඔබ සමත් විය යුතුය.එය කිරීමට නම් හොද ලිපි ලියන්න ඕන.ඒ වගේම බ්ලොගයක් පටන් ගත් විගස අපි Traffic Sources Build කරන්න ඕන.

13.)Traffic Sources Build කරන්නේ කොහොමද?
A.සෙවුම් යන්ත්රi වෙත ඔබේ බ්ලොගය ඇතුලත් කිරීම.
B.සමාජ ජාලා වෙබ් අඩවි වල ඔබේ බ්ලොගය ප්රඇචාරණය.
C.ඔබේ බ්ලොගය සින්ඩිකේටර වෙත ඇතුලත් කිරීම.
මීට අමතරව ගොඩාක් ක්රිම තියෙනවා.ඒ ගැන අපි ඉදිරියේදී කථා කරමු.

14.)සිංහල බ්ලොග් වලට Adsense දෙනවාද?
සිංහල බ්ලොග් වලට Adsense ලබා දෙන්නෙ නැත.ඒ අනුව ඔබ Adsense ගිණුමක් සාදා ගැනීමට අවශ්ය නම් ඔබ විසින් ඉංග්රීනසියෙන් බ්ලොගයක් ලිවිය යුතුයි.

15.)Adsense ගන්න මාස 06කට වඩා පැරණි බ්ලොගයක් තිබිය යුතුද?
නැත.මේක සීඝ්රමයෙන් පැතිර ගිය කට කථාවක් පමණි.එම නිසා ඔබේ බ්ලොගයේ ගුණාත්මක භාවය හොදයි නම් ඔබට ඕනම අවස්ථාවක Adsense ගිණුමක් ලබා ගත හැක.

නොමිලේම බ්ලොග් සයිට් එකක් හදාගෙන ඇඩ්සෙන්ස් වලට ඇප්ලයි කරන්න ඕන කෙනෙකුට පුලුවන්. බ්ලොග් එකක් හදන හැටි දන්නෙ නැති අය මෙතනින් ගිහින් නිවැරදිව බ්ලොග්සයිට් එකක් හදන්නෙ කොහොමද කියල ඉගෙනගන්න.

F

14 comments:

Ravimax said...

උවමනා ඔක්කොම වගේ දාලා.දිගටම කරන් යන්න.සල්ලි චෙක් එකක් විදිහට ඇරෙන්න වෙන ක්‍රමයක් නැත්ද ගන්න

Ravimax said...

උවමනා ඔක්කොම වගේ දාලා.දිගටම කරන් යන්න.සල්ලි චෙක් එකක් විදිහට ඇරෙන්න වෙන ක්‍රමයක් නැත්ද ගන්න

Anonymous said...

Thank you 🙏

Unknown said...

Thank for you. A good article

Unknown said...

Thank best article



Unknown said...

Godak dewal thiyanawa thank you aiya

Unknown said...

ගොඩක් උදවු වුනා.thank you

allLanka blog said...

ස්තූතියි

allLanka blog said...

ස්තූතියි

allLanka blog said...

Thank you

allLanka blog said...

��❤��

allLanka blog said...

ඉස්සරහට බලමු

Unknown said...

තෑන්ක්ස්👍❤

Unknown said...

තෑන්ක්ස්