නොමිලේ Blog අඩවියක් සැකසීම



නොමිලේ Blog අඩවියක් සැකසීම.


මේ සදහා පලමුව ඔබගේ Gmail ගිණුමට Log වෙන්න. ඉන්පසු http://www.blogger.com වෙත පිවිසෙන්න.

ඉන්පසු Get Start Click කරන්න

ඉන්පසු Display Name ලෙස ඔබගේ නම ලබා දී පහත ඇති Check Box දෙකට හරි ලකුණ යොදා Continue කරන්න

ඉන්පසු Create Your Blog Click කරන්න

ඉන්පසු blog එකට title එකක් ලබා දෙන්න.මෙහි දී ඔබ එක blog ලිවීමට බලාපොරොත්තු වන මාතෘකාව සදහන් කරන්න.ඉන්පසු එකට address එකක් ලබා දී continue click කරන්න.

ඉන්පසු template කැමති එකක් ‍තෝරා continue click කරන්න

දැන් ඔබගේ blog එක සෑදී අවසානය.දැන් blog post එකක් ලියන ආකාරය විමසා බලමු.click start blogging.


Blog අඩවියේ blog post ලිවීමට යොදා ගන්නා සියලු කොටස් අප නම් කළෙමු.ඒවා පහත පරිදි වේ.

1. Blog Post Title - මාතෘකාව
2. Change Font - ෆොන්ට් එක මාරු කිරීමට
3. Change Font Size - අකුරු වල ප්‍රමාණය වෙනස් කිරීමට
4. Bold - තද අකුරින් ලිවීම
5. Italic - අකුරු ඇල කර ලිවීමට
6. Underline - අකුරු යටින් ඉරි ඇදීමට
7. Strikethrough - අකුරු කැපෙන සේ ඉරි ඇදීමට
8. Change Font Colour - අකුරු වල පාට වෙනස් කිරීමට
9. Insert Colours to back - අකුරු වල පසුපස පාට වෙනස් කිරීමට
10. Insert Link - ලින්ක් එකක් ඇතුලත් කිරීමට
11. Insert Image - පිංතූරයක් ඇතුලත් කිරීමට
12. Insert Video - වීඩියෝ ඇතුලත් කිරීමට
13. Page Break - පි‍ටුව බෙදීමට
14. Alignment - ඡේද වල පෙනුම වෙනස් කිරීම
15. Number List - ඉලක්කම් ලැයිස්තුවක්
16. Bullet List - බුලට් ලැයිස්තුවක්
17. Preview Post - බ්ලොග් පෝස්ට් එක දිස් වන ආකාරය
18. Insert Tags - ටැග් එකක් ඇතුලත් කිරීමට
19. Save as Draft - පසුව ප්‍රදර්ශනය කිරීමට සේව් කිරීම
20. Publish Post - පෝස්ට් එක ප්‍රදර්ශනය කිරීමට


Publish කළ Post එක බැලීමට View Post Click කරන්න


තවද Dashboard එකේ Design යටතේ ඇති Edit HIML මගින් Template එක වෙනස් කර ගත හැක.මේ සදහා අන්තර්ජාලයෙන් නොමිලේ XML template Download කරගන්න.ඉන්පසු Choose File මගින් XML File එක තොරා Upload කරන්න.

F