ශ්‍රී ලංකාවේ පාරම්පරික සහල්


ඈත අතීතයේ අපගේ හෙළ මුතුන් මිත්තන් වස විසෙන් තොර කෑම වේලක් ලබා ගනීමට නිරන්තරයෙන්ම උත්සුක විය. ඔවුන් වගා කළ වී වර්ග(Rice) ඇතැමෙක් අසා වත් නැතුවාට සැක නැත. පසුගිය දිනවල ප්ලාස්ටික් වලින් සෑදූ සහලක් ශ්‍රී ලාංකාවේ වෙළඳපොළට පැමිණීම නිසා බත් කෑමත් තව දුරටත් සිතා බැලිය යුතු කරුණක් විය. ගංඟා, වැව්, පොකුණු දාස් ගණනක් තබාගෙන, අපගේ කුඹුරු පුරන් වන්නට ඉඩ දී පිටරටින් ප්ලාස්ටික් හාල්(Plastic rice) ගෙනවිත් ගිල්ලවීමට ලාංකේය පාලකයින් තව දුරටත් සැදී පැහැදී සිටිති. රට වටේටම මුහුද තිබෙද්දී ලුණු, කරවල, මාළු, උම්බලකඩ පිට රටින් ආනයනය(import) කර කොමිස් මුදල් ලබාගන්නා පාලකයින් සිටින රටක තවත් කුමන කතාද.? එය මින් හමාර කර අපගේ හෙළ මුතුන් මිත්තන් වගා කළ සහල් ගැන කෙටියෙන් සටහනක් තබන්නම්.,

වී ශාකය

කුලය විශේෂය උප-විශේෂය
Poaceae Oryza sativa L. indica



1) මඩතවාලු - Madathawaalu
Traditional rice in sri lanka

රතු සහලක් වන මඩතවාලු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පාරම්පරිකව වගා කෙරුනු සහල් ප්‍රභේදයකි. මෙය සෙන්ටි මීටර් 105-140 අතර උසක් දක්වා වැඩෙන අතර වපුරා මාස 4කින් පමණ අස්වනු නෙළා ගත හැක. සාමාන්‍යයෙන් පඳුරු 20-30ක් පමණ හට ගනී. ශ්‍රී ලංකාව තුළ වගා කරනු ලබන පාරම්පරික සහල් ප්‍රභේද අතරින් වැඩිම අස්වැන්නක් ලබා දෙන  ප්‍රභේදයකි. (බුසල් 110ක් පමණ ) මෙම වී වර්ගය කාබනික වී වගාව ආශ්‍රිතව වඩා හොඳින් වැවේ. මේ වන විට දිවයින  පුරාම පාහේ මඩතවාලු වගා කරනු ලැබේ.

මිනිස් සිරුරේ ප්‍රතිශක්ථිය ඉහළ නැංවීමේ හැකියාවක් අති මෙය ඩියවැඩියා රෝගීන්ට ප්‍රථිකාර කිරීම සඳහාද අතීතයේ සිටම යොදා ගෙන තිබේ. ශරීර ශක්තිය වඩවන සහල් වර්ගයක් ලෙස ප්‍රකට මඩතවාලු දියවැඩියාව හා ඔක්සිකාරක ආතතිය වැනි රෝගී තත්වයන්ගෙන් පෙලෙන පුද්ගලයන් සඳහා යෝග්‍ය බව විද්‍යාත්මක මතයයි.


2) සුදු හීනටි - Sudu hiinati
Traditional rice in sri lanka

සුදු හීනටි යනු 'හීනටි' නැමැති කුලයට අයත් වන ශ්‍රී ලංකාවේ පාරම්පරිකව වගා කෙරුණු රතු සහල් ප්‍රභේදයකි. පිට පොත්ත හෙවත් දහයියා කොටස සුදු පැහැයෙන් දිස් වීම නිසා මෙය සුදු හීනටි ලෙස හදුන්වනු ලබයි. සුදු හීනටි ගොයම් පැළය සෙන්ටි මීටර් 135ක් පමණ උස් වන අතර වපුරා මාස 4කින් පමණ අස්වනු නෙළා ගත හැකි වේ. අක්කරයට බුසල් 60ක් 0ක් පමණ අස්වැන්නක් ලබා ගත හැකි මෙය කාබනික වී වගා ක්‍රම යොදා ගෙන වගා කිරීමෙන් වැඩි අස්වැන්නක් ලබා ගත හැකි වෙයි. ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම පාහේ වගා කරනු ලබන සුලභ වී වර්ගයක් ලෙස සුදු හීනටි හැදින්විය හැක.

ශරීර ප්‍රතිශක්තිය ඉහළ නැංවීමට හේතු වන සහල් විශේශයක් වශයෙන් පැරැන්නන් අතර ජනප්‍රිය වූ සුදු හීනටි මළ බද්දයෙන් පීඩා විඳින්නන් හට උචිත වන අතරම ශරීර ශක්තියද වඩවයි. ප්‍රදාහය ( ඉදිමුම් රෝග ), දියවැඩියාව, පිළිකාව, ස්නායු රෝග, අධික කොලෙස්ටරෝල් සහ ඔක්සිකාරක ආතතිය වැනි රෝග නිවාරණ ශක්තියක්ද ඇති මෙය විටමින් ඊ සහ ස්වභාවික ප්‍රති ඔක්සිකාරක සංයෝග වලින් පොහොසත්ය.


3) දික් වී - Dik Vii
Traditional rice in sri lanka

දික් වී යනු මධ්‍යම ප්‍රමාණයේ පාරම්පරිකව වගා කෙරුනු ශ්‍රී ලාංකීය රතු සහල් ප්‍රභේදයකි. නමින්ම හැඟවෙන පරිදි එය දිගටි හැඩයක් ගනී. සෙන්ටි මීටර් 130-150ක් පමණ උසට වැඩෙන මෙය වපුරා 4ක් 4 1/2ක් අතර කාලයේදී අස්වනු නෙළා ගත හැක. මෙහි පඳුරු 10ක් 12ක් පමණ විශාල ප්‍රමාණයක් හට ගැනීම විශේෂ කරුණකි. පැසෙන කාළයේදී මෙහි කඳ කොටස ළා නිලට හුරු පැහැයක් ගන්න අතර අක්කරයකට වී බුසල් 80ක් 85ක් පමණ අස්වැන්නක් ලබා දෙන මෙය වාණිජමය වශයෙන්ද ප්‍රතිලාභදායී වර්ගයකි. මෙය තෙත් කළාපයෙහි සුලභව වැවෙන වී වර්ගයකි.

ප්‍රදාහය ( ඉදිමුම් රෝග ), දිය වැඩියාව, පිළිකා, ස්නායු රෝග, කොලෙස්ටරෝල් වැනි රෝග රාශියක්ම පාලනය කිරීම සහ  මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය වන ඖෂදීය ගුණයෙන් යුතු දික් වී වලින් හොඳම සෞඛ්‍යමය ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි වන්නේ නිවුඩ්ඩ සමග ආහාරයට ගැනීමෙනි.


4) ගෝනබරු - Goonabaru
ගෝනබරු යනු මධ්‍යම ප්‍රමාණයේ රතු සහල් ප්‍රභේදයකි. සෙන්ටි මීටර් 140ක් පමණ උසකට වැඩෙන ගෝනබරු වලින් මාස 5කින් පමණ අස්වනු නෙළා ගත හැකිය. අනෙකුත් පාරම්පරිකව වැවෙන වී වර්ග හා සැසදීමේදී මෙම පැළයක හට ගන්නේ 3ක් 5ක් තරම් සුළු පඳුරු සංඛ්‍යාවකි. අක්කරයකට බුසල් 50ක් 60ක් පමණ ලබා ගත හැකි අතර අනෙකුත් සහල් වර්ග සමග බලන කල මෙය සතුටුදායක මට්ටමේ අස්වැන්නකි. ගෝනබරු වියළි හා තෙත් කළාප ආශ්‍රිතව වගා කරනු ලැබේ.

දියවැඩියාව සහ ඔක්සිකාරක ආතතිය පාලනය කිරීම සඳහා අවශ්‍ය ඖෂධීය ගුණයෙන් පොහොසත් ගෝනබරු වල යකඩ සහ සින්ක් අගයද ඉහළය.


5) දහනල - Dahanala
Traditional rice in sri lanka

දහනල යනු පාරම්පරිකව වගා කෙරෙන ශ්‍රී ලාංකීය රතු සහල් ප්‍රභේදයකි. පැළ මැක්කන්ගේ තර්ජනයට ලක් නොවන මෙහි පත්‍ර බූව සහිතය. වපුරා මාස 3 1/2 කින් පමණ අස්වැන්න නෙළා ගත හැකි දහනල ප්‍රභේදය සාමාන්‍යයෙන් සෙන්ටි මීටර 120ක් පමණ උසට වැඩේ. මෙහි හට ගනු ලබන්නේ 4ක් 5ක් පමණ සුළු පඳුරු සංඛ්‍යාවක් වන අතර කොළ පාළුව රෝගයට පහසුවෙන් නැඹුරු වීමේ ප්‍රවණතාවයක් දක්වයි. මෙහි අස්වැන්න අක්කරයකට බුසල් 30ක් 35ක් පමණ වෙයි. වැඩි වශයෙන් මෙම වී වර්ගය වගා කරනු ලබන්නේ තෙත් කළාපයේය.

දියවැඩියාව සහ ඔක්සිකාරක ආතති වැනි තත්ව පාලන කිරීම සහ මැඩ පැවැත්වීම සඳහා ඖෂධීය ගුණයෙන්ද යුතු දහනල ප්‍රෝටීන් සහ යකඩ බහුල සහල් වර්ගයක් වේ.


6) ගොඩ හීනටි - Goda hiinati
ශ්‍රි ලංකාවේ ඉතා ජනප්‍රිය මධ්‍යම ප්‍රමාණයේ රතු සහල් ප්‍රභේදයක් වන 'ගොඩ හීනටි', "හීනටි" නම් කුලයට අයත් වෙයි. පොත්ත දුඹුරු පැහැයට හුරු රතු පැහැයකින් යුතු මෙහි පත්‍රද දුඹුරු පැහැයක් ගනී. සාමාන්‍යයෙන් සෙන්ටි මීටර් 150-160ක් පමණ උසට වැඩෙන මෙහෙ අස්වනු නෙළීමේ කාල සීමාව වපුරා මාස 3 1/2 කිනි. අස්වැන්න අක්කරයකට වී බුසල් 60ක් 65ක් පම්ණ ලබා ගත හැකිය. අතීතයේ දිවයිනේ උස් බිම්වල සුලභ වූ ගොඩ හීනටි මේ වන විට සෑම ප්‍රදේශයකම වගා කරනු ලැබේ.

 මෙම සහල් වර්ගය ආහාරයට ගනීමෙන් ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය වන බව අතීතයේ සිටම පිළිගත් මතයකි. මේ අතර ප්‍රදාහය ( ඉදිමුම් රෝග ), දියවැඩියාව, පිළිකා, ස්නායු රෝග, ආදී ලෙඩ රෝග නිවාරණයට මෙහි විශේෂ හැකියාවක් පවතී. එමෙන්ම මෙම ගොඩ හීනටි සහල් වර්ගය ප්‍රෝටීන්, විටමින් ඊ සහ ස්වභාවික ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් සහල් වර්ගයකි. ගොඩ හීනටි වඩාත් ගුණදායක වීම සඳහා නිවුඩ්ඩ සහිතව ආහාරයට ගත යුතු වේ.


7) කලු හීනටි - Kalu hiinati
Traditional rice in sri lanka

පාරම්පරික රතු සහල් වර්ගයක් වන කලු හීනට ද "හීනටි" කුලයටම අයත් වෙයි. දහයියා කොටස කලු පැහැයක් ගනීම නිසා මෙය කලු හීනටි එස හැදින්වෙයි. මෙය සෙන්ටි මීටර් 110-120ක් දක්වා උසකට වැඩෙන අතර වපුරා මාස 3 - 3 1/2ක් අතර කාලයකින් අස්වැන්න ලබා ගත හැකිය. සාමාන්‍යයෙන් මෙහි පඳුරු 5ක් 8ක් පමණ වැඩෙන අතර වියළි කළාපයේ ඉතා හොඳින් වැවේ. අස්වැන්න අක්කරයකට වී බුසල් 30ත් 50ත් අතර වේ.

සිරුරේ ඇති විවිධ විෂ නැසීම සඳහා විශෙෂයෙන් වැදගත් වන කලු හීනටි සර්ප විෂට ප්‍රතිකාර කිරීම සඳහා අතීතයේ භාවිතා කර ඇත. යකඩ සහ සින්ක් පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් අනූන කලු හීනටි දියවැඩියාව, කොලෙස්ටරෝල් සහ හෙපටයිටීස් වැනි රෝග පාලනය කිරීම සඳහා ප්‍රයෝජනවත් වේ.


8) මා වී - Maa vii
Traditional rice in sri lanka

සෙන්ටි මීටර් 275ක් 350ක් තරම් උසට වැඩෙන මා වී යනු ශ්‍රී ලංකාවේ පාරම්පරිකව වගා කෙරෙන සහල් ප්‍රභේද අතරින් උසම ප්‍රභේදයකි. වී වපුරා මාස 5-6කින් පමණ ගොයම් පැසීම සිදුවේ. ආලෝකයට සංවේදීතාවක් දක්වන මා වී වගා කළ හැක්කේ මහ කන්නයේදී පම්ණක වන අතර දෙසැම්බර් මාසයෙන් පසුව මල් පීදීම සිදු වෙයි. විෂාල මෙන්ම කුඩා සහල් ඇටද මෙමගින් ලැබේ. මා වී වල පොත්ත රතු පැහැයක් සහිත වේ. වෙනත් ගොයම් වර්ගවලට වඩා මා වී පැසෙන කාළයේදී බිමට බර වීමේ වැඩි නැඹුරුවක් දක්වනු ලැබේ. මන්ද යත් මෙහි උස සාපේක්ෂව ඉතා වැඩි නිසාවෙනි. මා වී වල පඳුරු ප්‍රමාණය 15ක් 25ක් වැනි ඉහළ අගයක් ගනී. අස්වැන්න අක්කරයකට වී බුසල් 65ක් 70ක් පමණය. පහතරට තෙත් කළාපයේ හා අතරමැදි කළාපයේ සුලභව වගා කරනු ලැබේ.

ඉහළ ඖෂධීය වටිනාකමක් ඇති වී වර්ගයකි. ස්ථුලතාව හා දියවැඩියාව වැනි රෝග තත්වයන්ට ප්‍රථිකාර කිරීමේදී යොදා ගැනේ. දාහය නිවා ශරීරයේ සිසිල් බව ආරක්ෂා කිරීමට උපකාරී වන ඖෂධීය ගුණයෙන් පොහොසත් මෙය ක්ෂය රෝගය සහ විරේක තත්වයන් සඳහා විශිෂ්ඨ ප්‍රථිපල ගෙන දේ.


9) මසුරන් - Masuran
Traditional rice in sri lanka

නමිනම හැඟවෙන පරිදි මෙම වී වර්ගය ශ්‍රී ලංකාවේ ඉතා වැදගත් හා ජන්ප්‍රිය සහල් වර්ගයකි. යල කන්නයේදී මාස 3 1/2 කින්ද මහ කන්නයේදී මාස 4 1/2 කින්ද මෙහි අස්වැන්න නෙළා ගත හකි වේ. උස සෙන්ටි මීටර් 105-120ක් පමණ වේ. සුළඟට මඟින් සිදු වන ගොයම් ගස් බිමට පහත් වීමට ඔරොත්තු දේ. අක්කරයකට වී බුසල් 80ක පමණ අස්වැන්නක් ලබා ගත හැකිය. කොළ පාළුව රෝගයට සාර්ථකව මුහුණ දෙයි. පැසෙන කාල්යේදී ගොයම් කොළ බිමට පහත් වීම නිසා වල් මර්ධනය ඉබේම සිදු වේ. මෙය තෙත් කළාපය ආශ්‍රිතව වැඩි වශයෙන් වගා කෙරේ.

ප්‍රදාහය, දිය වැඩියාව, පිළිකා, ස්නායු රෝග සහ කොලෙස්ටරෝල් යන රෝග තත්ව පාලනය කරයි. බෝ නොවන රෝග රැසකට ඔක්සිකාරක ආතති තත්වය (Oxiadative stress) පාලනය කරන බව විද්‍යාත්මකව තහවුරු කර තිබේ. නිවුඩ්ඩ සහිතව ආහාරයට ගැනීමෙන් උපරිම සෞඛ්ය ප්‍රතිලාභ ලබා ගත හැකි වේ.


10) පච්චපෙරුමාල් - Pachchaperumal
Traditional rice in sri lanka

පච්චපෙරුමාල් යනු ශ්‍රී ලංකාවේ පාරම්පරිකව ප්‍රදේශ රැසක වගා කෙරෙන රතු සහල් ප්‍රභේදයකි. මෙය සෙන්ටි මීටර් 105-120ක් පමණ උසකට වැඩෙන අතර වපුරා මාස 3 1/2 කින් පමණ අස්වැන්න නෙළා ගත හැකි වේ. ගොයම් පැසෙන කාළය වන විට මෙම ගොයම් ශාකයේ කඳ කොටස ලා නිල් පැහයක් ගනී. අක්කරයකට වී බුසල් 70ක් 0ක් පමණ අස්වැන්නක් ලබා ගත හැකිය. දිවයිනේ සෑම ප්‍රදේශයකම වගා කළ හැකිය.

පච්චපෙරුමාල් සහල් වලින් දියවැඩියාව පාලනයට හා තුවාල ඉක්මණින් සුව කිරීමට විශේෂ හැකියාවක් ඇත. ප්‍රෝටීන් හා ප්‍රති ඔක්සිකාරක සංයෝගවලින් අනූන වේ.


11) පොක්කාලි - Pokkaali
Traditional rice in sri lanka

පොක්කාලි යනු පාරම්පරික රතු සහල් ප්‍රභේදයකි. ගොයම් ගස සෙනි මීටර් 120-130ක් දක්වා උසකට වැඩේ. මෙහි පඳුරු 10ක් පමණ හට ගනී. අස්වනු නෙළා ගත හැකි වන්නේ මාස 3 1/2 කට පසුවය. ලවණ මිශ්‍ර පසෙහි වඩාත් හොඳින් වැවෙන අතර අස්වැන්න අක්කරයට වී බුසල් 60-80ත් අතරය. ගාල, මාතර, කළුතර, කොළඹ, හම්බන්තොට, හා පුත්තලම යන දිස්ත්‍රික්කවල වැඩි වශයෙන් වගා කෙරේ.

 ඇතැම් බැක්ටීරියා වර්ග විනාශ කිරීමට හකියාවක් ඇති මෙම පොක්කලි සහල් වර්ගය ප්‍රෝටීන් බහුල සහලකි.

12) රත්සුවඳැල් - Rathsuwandel
ශ්‍රී ලංකාවේ වටිනා පාරම්පරිකව වගා කෙරුනු සහල් රත්සුවඳැල් සාමාන්‍යයෙන් සෙන්ටි මීටර 105ක් 120ක් දක්වා උසකට වැඩේ. මාස 3 1/2 කින් අස්වැන්න නෙළා ගත හැකිය. පඳුරු සංඛ්‍යාව 4 - 6ක් පමණ වේ. මෙය කොළ පාළුව රෝගයට සාර්ථකව මුහුණ දියහැකි ප්‍රභේදයකි. අක්කරයකට වී බුසල් 45 - 60ක් පමණ නෙළා ගත හැකිය. වියළි සහ තෙත් කළාප යන දෙකෙහිම වගා කෙරේ.

දියවැඩියාව හා ඔක්සිකාරක ආතතිය වැනි රෝග තත්ව පාලනය කිරීමට හැකි සහල් වර්ගයක් ලෙස ප්‍රකටය.

Early history

Sri Lankan people may have started cultivating rice as early as 800 B.C, according to documentary evidence. Further evidence of early rice cultivation is the construction, since 390 B.C., of massive irrigation structures, reservoirs, and interconnected canals. From ancient times, rice cultivation was not only an economic activity but a way of life for the people of Sri Lanka. Some varieties of rice have been passed down for generations, and are called traditionalindigenous, or heirloom.
Once renowned as the granary of the east, Sri Lanka offered more than 2000 indigenous rice varieties to the rest of the world. Rice cultivation in Sri Lanka was once considered sacred. The process remained sustainable due to the methods used for production, as well as the sanctity associated with the process of rice cultivation.

Colonialism

With the European colonization of Sri Lanka during the 16th and 18th centuries, more emphasis was given to other plantation crops. In the 20th century, however, rice was once again given attention. With an increase in the country's population, a new series of rice varieties, called "the H series," was introduced in the 1950s. Fertilizers were also introduced at this time to increase harvest yield. As a result, the average yield of rice increased from 0.65 metric ton/hectare (mt/ha) to 1.73 mt/ha in 1950.
Unfortunately, many of the new kinds of rice of Sri Lanka contained lower concentrations of glutamic acidvitamins, and fiber, and a higher glycemic index than the traditional varieties. While the new kinds of rice were being produced in greater quantities, it was not as nutritious as the traditional rice that had once sustained the Sri Lankan people.

Rise of the new rices

By the 1980s, 90% of the farmland in Sri Lanka was being used to cultivate the "semi-dwarf" (newly improved) rice variety.
Currently, 95% of the rice produced in Sri Lanka are hybrid varieties. These are harvested using non-organic fertilizer and pesticides which are needed to produce larger harvests with lower costs.
However, traditional rice is gradually making a comeback. This is due to the increased global demand for organic food.

F

6 comments:

Anonymous said...

2000න් පස්සෙ උන් ඔය නම් 1ක්වත් අහල නැතුව ඇති...

Unknown said...

ගොඩක් වටින පෝස්ට් 1ක්... අපේ සිංහල මිනිස්සු කියන්නෙ ඇත්තටම ශ්‍රේෂ්ඨ ජාතියක්. ජයවේවා...

ydes said...

හුඟක් වැදගත් කරුණු ගොඩක්! ස්තුතියි

Unknown said...

Ths a lot for the valuable information ❤️‍🔥This field is my university final year research field those details are very importent for that

Prasaa said...

Comment karapu hemotama Thanks....

Anonymous said...

Niyamy