ගාණ වැඩි වෙන්න කලින් සියළුම රටවල් සඳහා වලංගු ගුවන් ගමන් බලපත්‍රයක් හදල තියාගමු

How to make a passport

සියළුම රටවල් සඳහා වලංගු සාමාන්‍ය පාස්පෝට් එකක් හදාගන්න විදිය



මේ වෙනකොට රට වැටිල තියෙන තත්වෙත් එක්ක සියළුම දේවල් වල මිළ වැඩි වෙලා තියෙන්නෙ. නිළ නොලත් ආරංචි වලට අනුව ගුවන් ගමන් බලපත්‍ර සෑදීමේදී අයකරන ගාස්තුව ඉතා ඉක්මණින් විෂාල ලෙස ඉහළ දැමීමට සැළසුමක් තියෙනවලු. ඒ නිසා ඉඩක් හම්බුණු වෙලාවක හරි රට යන්න පාස්පෝට් එක හදල තියාගන්න. අවුරුදු 10ක්ම වලංගු නිසා සෙට් වෙන ඕන රටකට යන්නත් පුළුවන්.

අවශ්‍ය කරන ලියකියවිලි

  1. නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය.
  2. ඡයාරූප ශාලා ලදු පත.
  3. ඉල්ලුම් කරුගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත සහ ඡායා පිටපතක්.
  4. ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පත්‍රයේ මුල් පිටපත සහ ඡායා පිටපතක්.

(භික්ෂුන් වහන්සේලා සඳහා:)

  • භික්ෂු සාමනේර සහතිකය හෝ උපසම්පදා සහතිකය ඡායාස්ථිති පිටපත් සමඟ ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ.

ලබා ගත හැකි ස්ථාන

  • කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්
  • නුවර, මාතර, වවුනියාව හා කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාල වලින්
  • ඔබ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්

සියලුම රටවල් සඳහා ගමන් බලපත්‍රය භාරදීමට කොපමණ කල් ගතවේද ?

සාමාන්‍ය පදනම - වැඩකරන දින 14 ක් (ගාස්තුව රුපියල් 3500.00)
හදිසි පදනම - එදිනම (ගාස්තුව රුපියල් 15000.00)

වැඩි විස්තර අවශ්‍ය නම් මෙතනින් බලන්න

සියළුම රටවල් සඳහා වලංගු සාමාන්‍ය පාස්පෝට් එකක් හදාගන්න විදිය








F

0 comments: