අපේ කාලයේ වීරයා- බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු




ලන්ඩන් නගරයේදී කොටි හිතවාදීන්ගේ අරියාදුවට පිළිතුරු ලෙස ‘බෙල්ල කට්‘ සංඥාව කර පෙන්වූ බ්‍රිගේඩියර් ප්‍රියන්ක පිළිබඳ මේ වනවිට සමාජ මාධ්‍ය තුළ දැඩි කථාබහක් ඇතිව තිබේ.
වන්නි මානුෂීය මෙහෙයුමේදී කොටි නායකයාගේ මුලතිව් බළකොටුව හා ඒ අවට ගම් වැසියන් මුදා ගැනීම් සටනට 591 බලසේනාව යටතේ එකොළොස් වන ගැමුණු රෙජිමේන්ත්තු අණදෙන නිලධාරී ලෙස එවකට කර්නල් ධූරය දැරූ වත්මන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු විශාල මෙහෙවරක් ඉටු කළ පුද්ගලයෙකි.
ඔහු ජාතිවාදියෙකු නොවේ. ඒ බවට හොඳම සාධකය ඔහු යුද්ධයේදී වඩාත් උදව් කරන්නට යොමුවූයේ අසාධාරණයට ලක්වූ ද්‍රවිඩ ජනතාවටය.
කොටි ත්‍රස්තවාදීන් සිරකරගෙන සිටි මුලතිව් මුලංකාවිල් ඇතුළු ද්‍රවිඩ ගම්මානවල වැසියන්ට හා ළමුන්ට විදේශ රටවල සිටින තම මිතුරන් මාර්ගයෙන් කෑම බීම, පොත්පත්, පෑන්-පැන්සල් සපත්තු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා දීම නිසාම මුලංකාවිල් ද්‍රවිඩ ජනතාවගේ වීරයකු ලෙසින්ද ඔහු ප්‍රකටවූ බව එම ගම්වැසියන්ට අදටත් මතකයේ ඇති සත්යයකි.
ජාති භේදයකින් තොරව තම කඳවුරට එන සෑම අයකුටම කෑම බීම පවා දීමටත් කඳවුරට එන ඕනෑම දෙමළ ජාතිකයකු හිස් අතින් නොයැවූ අයෙකු ලෙසත් ඔහු ප්‍රකටව සිටි බව කියැවේ.
ලන්ඩන් සිදුවීම විවිධ කෝණවලින් විග්‍රහ වන්නකි. ඒ තරම් කුපිතවන සුලු ආකාරයකට සිහින රාජ්‍යයක් හා මියගිය නායකයෙකු ගැන උදම් ඇනීම මෙන්ම හැත්තෑ වන නිදහස් සමරුවට නිග්‍රහ වන ආකාරයට මහකොමසාරිස් කාර්යාල ඉදිරියේ හැසිරීමද විවේචනයට ලක්ව තිබේ. විදේශ අමාත්‍යංශය ඔහුගේ හැසිරීම මැන බලා ඇත්තේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකුගේ වගකීම සම්බන්ධ කෝණයෙනි.
කෙසේ වෙතත් සමාජ මාධ්‍ය වීඩියෝවක් පළ වූ පමණින් හමුදා නිලධාරීයෙකුගේ තනතුරක් ඉවත් නො කරන බවත්, පරීක්‍ෂණයක් පවත්වා ඒ පිළිබදව තීරණය කළ යුතු බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා මේ සම්බන්ධයෙන් මේ වනවිට මාධ්‍ය වෙත දැනුම්දී තිබෙන බව දැනගන්නට ලැබේ.









F