දෙදෙනෙක් එක මග නොයන්න..!

ඇඳිරිනීතිය-Curfew

අත්‍යවශ්‍ය දෘව්‍ය ලබා ගැනීමට ඔබ යායුතු වන්නේ බුදුන් වහන්සේ භික්ෂූන්ට දේශනා කළ පරිදිය. එනම් දෙදෙනෙක් එක මග නොයන්න..! ගෙදර එක්කෙනෙක් පමණක් යා යුතුම නම් යන්න..
අමරසිරි පීරිස් කී ලෙස මුදු තාර ඇතිරිල්ලේ ඇවිදගෙනම යන්න. පොදු ප්‍රවාහනය භාවිත කිරීම හැකිතාක් අවම කරන්න. නමුත්, සුනිල් එදිරිසිංහ කී ලෙස අමල්බිසෝ ගෙදර ඉන්න.
භාණ්ඩ මිලදී ගැනීමේදී මේ ගසේ බොහෝ තියරිය අනුගමනය කරන්න. නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇතී.. වැඩිය කඩන නරක ළමයි හෙම නොවේ අපී.. සිහිකර ගෙදර සිටින ගණනට සෑහෙන තරම් ගන්න...
කඩේදි, පාරෙදී ජානක වික්‍රමසිංහ කී ලෙස කතා නොකර සිනා නොවී සිටින්න.. පෝලිම්වල ලස්සන ගැහැණු ළමුන් හැන්ඩ්සම් පිරිමි ළමුන් පුංචි බැඳපු බාප්පගෙ අක්කගේ දුව, නෑයො, මයික් උස්සන් එන මීඩියා හිඟන්නන් හමුවේවි.. කතා නොකර ඉන්න.. කල්පයක් සේ දැනේවී.. කරන්න දෙයක් නැත.
බාචි කී පරිදි ඉස්සරහා එකාගේ ඇඟේ ගෑවෙන සේ බඹර නාදේ ඇසෙන මානෙන් නොසිට චාමර වීරසිංහ අනුගමනය කර මීටරයක් දෙකක් දුරින් හිඳ බලන්න.. ළංව ඉන්නට බෑ.. කොරෝනා හැමතැනම...
පෙම්වතුන් හමුනොවීම ඉන්න. හමුවනවා නම්, සසිකා නිසංසලා අතැහර උමාරියා සිංහවංස අනුගමනය කරන්න. තොල් පෙති හාදුවලින් නොතෙමා වස්සා හෝ වැස්සීට උද්‍යානයේ කෙලවරක සිට ණයට අතවනා ගෙදර යන්න..!
වයස්ගත උදවිය ගෙදර තබා ගන්න. සමන්ද සිල්වා කී ලෙස හායි හූයි බබි ආච්චිව පාරට ගෙන බෙල් ගැසීමට යාමෙන් සීයාගේ පැන්ෂන් එකද නැතිවිය හැකිය.
ආගමික ස්ථානවල හෝ වෙනත් ජනාකීර්ණ තැන්වල රැස් වීමෙන් වළකින්න. මිල්ටන් පෙරේරා කී ලෙස පන්සල පල්ලියෙ කෝවිල හංදියෙ බස්නැවතුම්පොළ පෝළිමෙ හැමතැනම කොරෝනා තිබිය හැක.
ආත්මා ලියනගේ අනුගමනය කරන්න. රංචු ගැහෙනා රෑනේ තනිකම දැනීම මතක් කර වහාම ඈත්වන්න.
වේරලියැද්ද මේ ගැන කිව්වේ වන්දනාවක යන්නෙ කොහොමද.. නංගියේ අපි දැන්ම මග බැහැලා.. කියාය. ගෙදර බුදුනගෙ ඇල්ම බැල්මේ කොරෝනා නම් අමාවක ගෙවීම සුදුසුය.
සජිත් ප්‍රේමදාස අනුගමනය කිරීමෙන් ඔබට කොරෝනා වැළඳිය හැක. ඒ නිසා කරුණාකර රටත් රටත් දැයත් දැයත් මුළු නගර නගර ගම් බිම් පාසා එක්ව ඉදිරියට යාමෙන් වළකින්න. ඇඳිරිනීතිය නැති විටක යන තැනක වෙන්ව යන්න..
ගෙදර පැමිණි වහාම රවීන්ද්‍ර යසස් කී ලෙස කරන්න. සුවඳ සබන් ඇඟ ගාලා, දිය ඇද හෝ ෂවරෙකකින් හෝ නාලා.. පිරිසිදු වී කිලි කුණු සෝදා හැර විෂබීජාණුහරණය කර ගෙට එන්න.
නැතහොත්,
ඔබට සිදුවන්නේ තුසාර ජෝසප්ට සිදුවූ දේය..
ඇස් වැහුණ දාක සුබපතන්න සුබගමන් කියා..
සුදු ඇඳන් ඔයා මං හොයාන එන්නනං එපා...
කියා කීමටය..
ඔය උපදෙස් අනුගමනය නොකර කොරෝනා හැදී මළොත්, පලංචියේ ලී ඉරපු මිතුරාටවත්, ආදරෙන් ඔබව බදා දෙතොල් සිප කතා කී එකා එකීවත් සුදුමල් අරන් මළගෙදර එන්නේ නැත.
(බොහෝ ගීවල අදහස්වල ගෞරවය ඒවා memes ලෙස සමාජජාල ගතකළ මුල් හිමිකරුවන්ට හිමිවිය යුතුය)
ඉහත ඡායාරූපය අද (23) ඇඳිරි නීතිය ඉවත් කළ අවස්ථාවේ මහජන හැසිරීම්වල ඡායාරූපයන්ය. වගකීම ඉටුකළ ඒ මිනිසුන්ට ආචාරය.
- චමල් අකලංක පොල්වත්තගේ
Copied from - www.lankanewsweb.net

Curfew in pettah Sri Lanka

F

1 comments:

Anonymous said...

elama bro