1. සෙම්ප්‍රතිශ්‍යාවක් සෑදීගෙන එනවිට
(Hembirissaawata beheth)
අමු ඉගුරු,කොත්තමල්ලි,පත්පාඩගම්,කටුවැල් බටු,කළං 3 බැගින් ගෙන වතුර පත 8-1 සිඳුවා සීනි අනුපානය කොට පත 1/2 බැගින් උදේ සවස වඬි 4 ක් පමණ බොන්න. සහිද ලුණු අනුපානය කොට බීම වඬාත් හොදයි.
2. සෙම්ප්‍රතිශ්‍යා උණට
(Hembirissa unata beheth)
අමු ඉගුරු, කොත්තමල්ලි,පත්පාඩගම්, කටුවැල්බටු,දේවදාර කළං දෙකයි. මදටිය 8 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ සහිඳ ලුණු අනුපානය කොට උදේ සවස පත භාගය බැගින් බොන්න.(වඩි 3 පමණ)
3. කැස්ස සහිත සෙම්ප්‍රතිශ්‍යා උණට
(Kessata beheth)
තිප්පිලි කළං 1 යි, අමු ඉගුරු කළං 2යි, බැදපු කොත්තමල්ලි කළං 3 යි, වතුර පත 8-4 සිඳුවා වී පොරි කළං 6 ක් දමා පත එකට සිඳුවා සහිඳ ලුණු කළඳක් දමා උදේ හිස්බඩ එකවර පතම බොන්න.
4. සෙම සහිත කැස්සට
(Sema kessata beheth)
අමු ඉගුරු,කටුවැල්,බටු තිප්පිලි,සුවඳ කොට්ටන් කළං 3 බැගින් ගෙන වතුර පත 8-1ට සිඳ උදේ සවස සීනි දමා වඩි කීපයක් බොන්න.
5. පපුවේ සෙමට
(Papuwe semata beheth)
සරිතේක්කු,අමු ඉගුරු,කළං 6 බැගින් ගෙන වතුර පත 8-1 සිඳුවා පත 1/2 බැගින් සූකිරි අනුපානය කොට උදේ සවස වඩි 4 ක් බොන්න.
6. සෙම් ගෙඬිවලට
(Sem gedi walata beheth)
I – නිල් කටරොල් මුල්,මුරුංගා පොතු සිවිය,නිකමුල් සමව ගෙන තම්බා මී පැණි දමා උදේ සවස බොන්න.
II – මුරුංගා මුල්,ඇඹුල් දොඬම් යුෂින් ගලගා හක්කේ තියා සෙම අරින්න.
III – ගම්මිරිස් කුඬු,දිය ලුණු වතුරට දමා උගුර සෝදන්න. (සෙම්ගෙඬි නිතර සෑදේ නම් හොඳ නැත.භයානක රෝග ඇතිවිය හැකි බැවින් වෛද්‍යවරයෙකු හමුවන්න.
7. කල්ගිය සෙම්ප්‍රතිශ්‍යාවට
(Kal giya semata beheth)
රසකිඳ,කටුවැල් බටු,අමු ඉගුරු,කලාඳුරු අල,සුවඳ කොට්ටං කළං 2 යි. මදටිය 8 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ සීනි දමා උදේ සවස පත 1/2 බැගින් වඩි 4 ක් පමණ බොන්න.
8. කැස්සට
(Kessata beheth)
I – කටුවැල් බටු මුල්,පොල්පලා මුල්,එළබටු මුල් රසකිඳ කළං 2 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ වී පොරි කළං 4 ක් දමා එකට සිඳ උදේ සවස පත 1/2 බැගින් මී පැණි දමා බොන්න.
II – වැල් මී,මුද්දරප්පලම්,තල් සූකිරි සමව ගෙන තම්බා ටික ටික බොන්න.
9. වේලුම් කැස්සට
(Weelum kessata beheth)
ආඞතෝඬා මුල්,රසකිඳ,කටුවැල් බටු කළං 3 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ පත 1/2 බැගින් තිප්පිලි කුඩු දමා උදේ සවස බොන්න.
10. පීනසයට
(Piinasata beheth)
අසමෝදගම්,තිප්පිලි,බෙලිමුල්,සිද්ධි ගුරු,බැදපු කොත්තමල්ලි,කුරුඳු පොතු කළං දෙක බැගින් ගෙන වතුර පත 8-1 සිඳ සීනි දමා උදේ සවස පත 1/2 බැගින් බොන්න. (වඩි 4 ක් 5 ක් බොන්න.)
11. ඇදුමට
(Hathiyata beheth)
I – කටුවැල් බටු,සිද්ධි ගුරු,නෙඵම් ඳඩු,කර්කටගසිංගි,කලාඳුරු අල,රසකිඳ කළං 2 බැගින්ගෙන වතුර පත 8-1 සිඳ පත 1/2 බැගින් සීනි අනුපානය කොට උදේ සවස බොන්න. (වඩි 4 ක් 5 ක් )
II – පොල්පලා අස්වැන්න,කටුවැල්බටු,එඩරුමුල්,මිදි මුල්,බෙලි මුල්,ඇත් දෙමට මුල්.තොටිල්ල මුල්,එළබටු මුල්,පළොල් මුල් කළං 1 යි. මදටිය 4 බැගින් ගෙන වතුර පත 8-4 සිඳ වීපොරි කළං 12 ක් දමා පත දෙකට සිඳ තිප්පිලි කුඩු දමා උදේ සවස පත බැගින් වඩි 4 ක් පමණ බොන්න.
13. මුහුණේ තිත් ලප වලට
(Muhune lapa walata beheth)
කටු ඉඹුල් ගහේ කටු එළ කිරෙන් අඹරා රාත්‍රි නින්දට යනවිට මුහුණේ ගාන්න. උදේට ඇල්වතුරෙන් මුහුණ සෝදන්න.(සති 2 යි)
14. මුහුණේ තිත් ලප නැති වීමට
(Muhune thith lapa nethi wimata beheth)
කහ,වෙනිවැල් ගැට ලොන් සුඹුලු,අබ,මනෝසිල සමව ගෙන තැඹිලි වතුරෙන් අඹරා රාත්‍රි නින්දට යනවිට මුහුණේ ගාන්න. උදේට ඇල් දියෙන් මුණ සෝදන්න.
(ක්‍රීම්,පුයර වර්ග ගෑම තහනම්)
15. කුරුළෑවලට
(Kurulewalata beheth)
I – ලොන් සුඹුලු,වද කහ,කොත්තමල්ලි ඇල්වතුරෙන් අඹරා ගාන්න.
II – නස්නාරං මුල්,මනෝ සීල එක පමණ ගෙන පළමුව එළගොම ඉස්මෙන් අඹරා දෙවනුව ගිතෙලින් අඹරා ගාන්න. (මනෝසීල විෂ ද්‍රව්‍යයකි. කටේ නොගෑවෙන්න ගෑ යුතු බව හොඳින් සලකන්න.) තිත් ලප කුරුලෑ සම්පූර්ණ නැතිවේ.)
16. මුහුණ සෞම්‍ය වීමට ඉතා ප්රත්යක්ෂ ඹෘෂධයක්
(Lassana wimata beheth)
I – ගම්මිරිස් ඇට 5 යි,ගොරෝචන කළං 1 යි,ඇල් දියෙන් අඹරා දවාලට ගාන්න.
II – (කෙමකි) දිනපතා ආහාර අනුභව කොට,කතා වරක් සෝදා තුන් වරක් මූණේ අත අතුල්වන්න. කිසිදා කුරුළෑ නොඑයි.
17. කට ගඳ නැතිවීමට
(Kata ganda nethi wimata beheth)
ගස් කරල් හැබෝ පැළෑටි පුඵස්සාගත් අඵ,අඹකොළ ඉස්මට දමා අව්වේ කකාරා වේලා රැගෙන බුලත් සමග උදේ සවස කන්න. මනා සුවඳ හමයි.
18. කටහඩ මිහිරි වීමට
(Kata handa mihiri wimata beheth)
I – සිද්ධි ගුරු,වදකහ,කොට්ටම්,අරලු,වැල්මී,තිප්පිලි,අසමෝදගම්,සහ ිඳ ලුණු සමානව ගෙන චූර්ණයක් සාදා මී පැණි,ගිතෙල් සමග උදේ සවස වලඳන්න.
වරකට කළං 1/2 යි
II – බැමිතිරිය මුල්,සිද්ධිගුරු,වඳකහ,සහිඳ ලුණු සමව ගෙන කුඩුකර පිරිසිදු මී පැණියෙන් අනා උදේ සවස ටික ටික අනුභව කරන්න.
(මෙම ප්‍රතිකාර දෙකම හඩ මිහිරි වීමට ඉතා ප්‍රත්‍යක්ෂයි)
19. දත් ඇදෙනවාට සවිවීමට
(Dath edenawaata beheth)
කටුකරඞු,සමන්පිච්ච කොළ,කරඳ මුලේ පොතු කළං 6 බැගින් ගෙන කයිප්පු,සීනක්කාරං,රත් හඳුන් කළං 3 බැගින් දමා වතුර පත 16 පත 4 ට සිඳුවා දිනකට 3 වරක් වරකට විනාඩි 5 ක් වතුර කටට ගෙන කකාරා කට සෝදා හරින්න.
(දත් රෝග නසා තදින් දත් සවිවේ.)
20. අකාලයේ දත් සෙලවීමට
(Dath selawimata beheth)
කයිප්පු,සහිඳ ලුණු කළං 3 බැගින් ගෙන කුඩුකර තාච්චියකට තල තෙල් තුන්කාලක් දමා එයට කුඩු දමා කාලට සිඳුවා හොඳින් නිවුනු පසුව බෙහෙත් බිදක් කටට ගෙන විනාඩි 5 ක් පමණ කලතමින් සිට කට සෝදා හරින්න.(දිනකට 3 වරයි.දත් සවිවේ.)
21. දත් කැක්කුමට
(Dath kekkumata beheth)
සීනක්කාරං පුඵස්සා කුඩුකර බෝතලයක දමා වතුර පුරවා තබාගෙන නිතර සොලවා කට සෝදන්න.
22. දත් පණුවන් කෑමට
(Dath panuwan kanawata beheth)
I – තිබ්බටු ගෙඩි තලතෙලින් මලවා කැක්කුම ඇති පැත්තේ දත්වලින් හපා දියලුණු වතුරෙන් කට සෝඳන්න.
II – වියළි ඉගුරු,ගම්මිරිස්,පිලමුල් පොතු,දියලුණු සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා දත මුල තබන්න.
23. දත් සුද්ද කිරීමට
(Dath sudda karaba heti)
ඉඳුන බිලිං ගෙඩි කිහිපයක් ගෙන කටට දමා හොඳින් සපා විනාඩි 10 ක් පමණ බුරුසුව ගෙන දත් දෙපල මදින්න. දත් සිදුරු ආදිය හොදින් මදින්න.ඉන්පසු ඉවත් කොට තල තෙල් ටිකක් කටට ගෙන විනාඩි තුන හතරක් දත් සිදුරු ඇතුළ ආදියට හොදින් කලතා කට සෝදා හරින්න. මුතුමෙන් බැබළේ.
24. කණ් කැක්කුමට
(Kan kekkumata beheth)
I – නික කොළ,සහිඳ ලුණු,සුදු ඵෑණු කොටා මිරිකා හොඳින් පෙරා කණට බිංදු කීපයක් වත් කරන්න.
II – සුදු ඵෑණු,කඹුරු ඇට මඳ,පෙරුන්කායම්,සිරැස්සවාලු සමව ගෙන අඹරා කෙසෙල් කොළයක ඔතා උණු අලුපල්ලේ තම්බා මිරිකා පෙරා කණට බිංදු කීපයක් වත් කරන්න.
25. කණ පැසවීමට
(Kana pesawanawata beheth)
I – සහිඳ ලුණු,ළපටි කපු ගෙඩි,තලතෙල් සමව ගෙන තලා පෙරා කනට බිංදු කීපයක් වත් කරන්න.
II – දෙමට මුල් පොතු කුඩු,මිරිස්ස මුලේ පොතු,වියළි කහ,මගුල් රඳමුල් පොතු තල තෙලින් අඹරා රත්කර කන ගැටේ ගා ඉස්ම බිංදු කීපයක් කණට වත් කරන්න.
III – අමු කහ,කොහොඹ කොළ කොටා ඉස්ම රත්කර බිංදු කීපයක් කණට වත්කරන්න.
26. කණේ සතෙක් ගිය විට
(Kane sathek giya wita)
දියලුණු බිංදු කීපයක් කණට වත් කරන්න.
27. ඉස්හොරි
(Ishori walata beheth)
I – දෙහිගෙඩි කීපයක්,පොල් කිරෙන් තම්බා,පොඩිකර හිසේ ගා විනාඩි 30 ක් සිට නාන්න. දින 3 කින් පසු සුවවේ.
II –
ඉදුනු ඇඹුල් කෙසෙල් ගෙඩි පොඩිකර හිසේ ගා විනාඩි 30 කින් නාන්න. දින 3 කින් සුව වේ.
28. උකුණන් වඳකර ගැනීමට
(Ukunanta beheth)
I – කොහොඹ මල් අඹරා හිසේ ගා විනාඩි 30 ක් සිට නාන්න. උකුණෝ වැටෙති
II – අබ,ගොඩපර එකට තම්බා එම වතුරින් හිස සෝදා නාන්න.දින කීපයක් කිරීමෙන් උකුණෝ වඳවෙති.
29. හිසකෙස් ක්‍රේල්ව දිගුව වැඩෙන්නට
(Hisakes digu wimata beheth)
වලස් තෙල් 1/4 කට ඉතා පිරිසිදු තල තෙල් 1/2 ක් දමා හොදින් කළවම් කර දින 3 ක් ගියපසු,දිනපතා හිසගල්වන්න.දීර්ගව කඵපාටට කෙස් වැඩේ.
30. අකලට සුදුවෙන කෙස් කඵවීමට
(HIsakes sudu wanawaata beheth)
කීකිරිදිය කොළ ඉස්ම පත 8 යි. නෙල්ලි ඉස්ම පත 8 යි.හොඳින් කළවම් කර රාත්‍රි මඳ ගින්නේ ගිණි අගුරු වලින් පමණක් රත් කර කකාරා,සතකුප්ප,සුදුහඳුන්,කංකුමප්පු,කොල්ලං කොළ,ජටා මාංශ සමව ගෙන හොඳ ප්‍රසිද්ධ බෙහෙත් කඩයකින් කස්තුරි පොඩ්ඩක් ගෙන (කස්තුරි මිල අධික නිසා පොඩ්ඩක් ගන්න) සමව අඹරා ඉහත බෙහෙත් බඳුනට දමා පදමට සිඳුවා හිස ගල්වන්න. සුදු කෙස් කඵවේ.
31. හිසේ කෙස් යනවාට
(Hisa kes yanawaata beheth)
උදේ පමණ ඇල්වතුර නා ඉතා හොඳින් හිස පිරිමැද ඉහත ආකාරයට සුදුවන කෙස් සඳහා වූ තෙල් සාදා ගන්න. (ඉතා වටිනා ඖෂධයකි.)
32. තද හිස රුදාවට
(Oluwa kekkumata beheth)
I – ඉගිනි ඇට,අරඵ,නෙල්ලි,සියඹලා,සුදු හඳුන්,කෝමාරිකා,කුර මුල් මුකුණු වැන්න සමව ගෙන තැඹිළි වතුරෙන් අඹරා නළලේ ආලේප කරන්න.
II – සුදු හඳුන් තන කිරෙන් ගලගා රෙදි කෑල්ලක ගා නළලේ එලන්න.
III – දෙහි ඇඹුලෙන් ඉගුරු ගලගා නළලේ එලන්න.
IV – රතුඵණු විනාකිරෙන් අඹරා නළලට පැලැස්තර එළන්න.
V – කහ කුඩු රෙදි කඩක දමා,පහන් තිරයක් මෙන් සාදා ගිතෙලින් පොගවා දල්වා දුම නාසයට උරන්න.
ඉහත ප්‍රතිකාර කන ගමන් අමු කහ,කොහොඹ කොළ නම්බා උදය කාලයේ හිස සෝදා හොඳින් තෙත සිදුවා සිතෝදක තෛලය නිතර ගාන්න.
33. ඉරුවාරදයට
(Iruwaaradayata beheth)
I – සුදුඵෑණු,තලඇට,සහිඳ ලුණු මී පැණියෙන් අඹරා නළලේ ගාන්න.
II – අබ,සුදු හඳුන්,අමු ඉගුරු ඇඹුල් දොඩම් යුෂින් අඹරා පැළැස්තරයක් සාදා නළලට එලන්න.
III – සියඹලා කොළ,උඳුපියලිය කොළ,රතුඵෑනු කොටා පොට්ටනි කර වන්ඩුවේ තම්බා නළල තවා(හොඳින් තවන්න)නිශාදි තෛලය හිස ගල්වන්න.
34. නාසයෙන් ලේ යනවාට
(Naasayen le yanawaata beheth)
I – ගොටු ඳඞු,අසමෝදගම්,රතුඵෑනු,වළගසාල් සමව ගෙන තම්බා එම වතුරට සීනි දමා උදේ සවස බොන්න.
II – දෙඵම් මල් තලා ඉස්ම බිංදු කීපයක් නහයට දමන්න.
III – කෙසෙල් අල කොටා යුෂ ගෙන හිසේ ගාන්න.
IV – නීල්‍යාදි තෛලය ගෙන හිසේ ගල්වන්න.
35. නාසයේ මස් ඳඵ වලට
(naasaye mas dalu walata beheth)
වියළි කෙසෙල් කැන් නැටි,රත් නිටුල්,පල්මානික්කම් සමව ගෙන දවාගත් අඵ දෙහි ඇඹුලෙන් අනා,රෙදිකඩක ගා මස් දඵවේ එලන්න.
36. නාසයේ වේලුමට
(Naasaye weelumata beheth)
නීල්‍යාදී තෛලය නාසයට උරන්න.හිස ගල්වන්න.
37. අඵහම් වලට
(Aluham walata beheth)
(පළමුව සැහැල්ලු බඩ විරේකයක් කරන්න.මෙහි බඩේ රෝග සඳහා වන සැහැල්ලු විරේකයක් සුදුසුය.)
I – ඇත්තෝර කොළ යුෂ දෙහි ඇඹුල් කළවම් කර අව්වේ කකාරා ගා පැයකට පසුව නාන්න.
II – ඇත්තෝර කොළ,පේර කොළ,අමු කහ සමව ගෙන කොටා යුෂ ගෙන අවුවේ කකාරා ගා පැයකින් නාන්න.(සතියයි)
38. පණු කැවිළි දද වලට
(dada walata beheth)
I – ඇත්තෝර දඵ,බේත් එඞරු දඵ,කුකුරුමාං දඵ,කොහොඹ දඵ,දෙහි ඇට මද කොටා පොට්ටනි බැඳ වණ්ඩුවේ තම්බා උදේ සවස හොඳින් තවන්න.
II – ඇත්තෝර කොළ,දෙහි ඇට මද,සුදු ඵෑණු සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා බඳින්න. ගාන්න.
III – ලුනුවිල තැම්බු වතුරෙන් හෝ කොහොඹ දඵ,අමුකහ තැම්බු වතුරෙන් හෝ සෝදන්න.
39. අල්ලේ පණු කැවළි වලට
(Panu kewili walata beheth)
I – රත් නෙටොල් කොළ,අමුකහ,දියලුණු එකට දමා කොටා මලවා බඳින්න.
II – සියඵම පණු කැවිලි දද ඇති අය මෙම කසාය වඩි 4 ක් බීමෙන් නිට්ටාවටම සුවවේ.
40. පණු හොරි වලට
(Hori walata beheth)
I – නිදිකුම්බා,සමදරා කොළ තම්බා සෝදා හුණු,කපුරු,කහ සමව ගෙන පිරිසිදු තැඹිලි තෙලින් අඹරා ගාන්න.
II – සහිඳ ලුණු,අරඵ,ඊතණ,කෙළිඳ හාල්,තෝර ඇට සමව ගෙන හාල් පාණු දියෙන් අඹරා ගාන්න.
41. ඉන්නන්ට
(Innanta beheth)
I – වලා වැන්න ඉස්ම උණුකර ගාන්න.
II – බුරුල්ල ගෙඩි පොඩිකර ඉන්නන් පිට උලන්න.
III – දියලබු නැට්ට දින කීපයක් ඉන්නාගේ අතුල්ලන්න.ගැලවේ
IV – රතුඵෑණු ගෙඩියක් කපා කැපු පැත්තට හුණු ටිකක් ගා ඉන්නා මතුපිට අතුල්ලන්න.සමේ ගාන්න එපා තුවාල වේ.
42. කට තොල සුදු කබරවලට
(Katehi sudu kabara walata beheth)
I – ඉරිවේරිය ගස සහමුලින් ගෙන පුච්චා අඵ ටික ඇල් වතුරෙන් අනා කබරවල ගාන්න.
II – වරා කිරි භාජනයකට ගෙන,වියළි පොත් ගෙඩිවල කිරි හා තලතෙල් ටිකක් සමග කළවම් කරන්න.තද අව්වේ හොඳට සිඳුවා රෑ නින්දට පෙර ගාන්න.
43. ගතේ සුදු කබරවලට
(Engehi sudu kabara walata beheth)
I – මොණර පිල්,සිවංගුරු සමානව ගෙන ගව මුත්‍රා වලින් අඹරා උදේ සවස සති දෙකක් ගාන්න.
II – දිවි සම පුඵස්සා ගත් අඵ මී තෙලින් අඹරා ගාන්න.
44. ඇගේ පඵ නැගුන විට කරප්පන්වලට
(Karappan walata beheth)
I – අබ තෙල් ගාන්න.නැතිනම් වාත විදුරංග තෙල් ගාන්න.
II – අමු පොල්කොළ හීනියට ඉරා ගිණි කබලක් මත දමා දුම් අල්ලන්න.
III – උණ දඞු පුඵස්සා ගත් අඵ තේ හැඳි 1 ක් පුරවා වතුර පීරිසි කෝප්පයකට දමා දියකර පෑදුනාට පසුව පෙරා එම ජලය දිනකට තුන්වරක් බොන්න.
IV – දුම්මෑල්ල,කොත්තමල්ලි කළං 6 බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳ පත 1/2 බැගින් උදේ සවස බොන්න.
(ළමයකුට නම් කළං 3 බැගින් වතුර පත 1/2 සිඳ උදේ සවස දෙන්න.)
45. බඩේ අඡීර්ණයට
(Bade kekkumata beheth)
I – අමු ඉගුරු උණු අඵ පල්ලේ දමා තම්බා සහිඳ ලුණු සමව ගෙන අඹරා,තිබ්බොටු ගෙඩියක් තරම් දිනකට තුන් වරක් කෑමට පැය 1/2 පෙර උණු වතුරෙන් බොන්න.
II – පොල් හකුරු,අමු ඉගුරු,මුරුංගා පොතු සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා තිබ්බොට ගෙඩියක් තරම් උණු වතුරෙන් කෑමට පැය 1/2 කට පෙර බොන්න.
46. අඡීර්ණ පිච්චී යාමට
(Ajiirna pichchii yaamata beheth)
කොත්තමල්ලි,වියළි ඉගුරු,තිප්පිලි සමව ගෙන කබලේ බැද කොටා හලාගෙන කෝපි මෙන් උදේ සවස බොන්න.
47. කෑම අරුචිය
(Keema aruchiyata beheth)
I – රතුඵෑණු,සුදු ඵෑණු,අමු මිරිස්,දියලුණු,ගම්මිරිස් සුදුසු පරිදි ගෙන කරපිංචා කොළ ටිකක් කබලේ බැද එයට දමා දෙහි ඇඹුලෙන් අඹර බත් සමග කන්න. (ළමුන්ට වුවද දීමට හැකිනම් ඉතා හොඳයි)
II – අමු ඉගරු,සහිඳ ලුණු සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා කෑමට පැය භාගයකට කලින් තිබ්බටු ගෙඩියක ප්‍රමාණයක් උණු වතුරෙන් දියකර බොන්න. දිනකට 3 වරයි.
48. බඩේ දැවිල්ලට
(Bade dewillata beheth)
I – රසකිඳ,කොහොඹ පොතු,දුම්මැල්ල තම්බා ගත් වතුර සීනි දමා උදේ සවස බොන්න.
II – ආඩතෝඩා කොළ,නෙල්ලි,බාර්ලි සමව ගෙන තම්බා සීනි දමා උදේ සවස බොන්න.
III – පුහුල් මද ඉස්ම බොන්න.
49. බඩේ දැවිල්ලට කසාය
(Bade dewillata kasaaya)
කොත්තමල්ලි,වියළි ඉගුරු,කළාඳුරු අල,බෙලිමුල්,ඉරිවේරිය කළං 2 යි මදටිය 8 බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳ පත 1/2 බැගින් උදේ සවස බොන්න.
50. කිරි පණුගායට
(Kiri panu gaayata beheth)
පෙරුම්කායම් කුඩු,වළගසාල් කුඩු කළඳ බැගින් කළවම් කර සුදුඵෑණු ඉස්මෙන් කළඳක් හිස් බඩ අනුභව කරන්න.
ඉන්පසු ගොටු දඞු තැම්බූ වතුර පතක් හිස්බඩ බොන්න.
(පණුවන් වැටේ. ඉතා වටිනා ප්‍රතිකාරයකි.)
අපේ ෆේස්බුක් පේජ් එකටත්
ලයික් 1ක් දාගෙනම යන්න.
ස්තූතියි.
https://www.facebook.com/SinhalaAthBeheth/
Sinhala weda ath beheth, Sinhala beheth wattoru, ath beheth potha, ath beheth warga, sinhala beheth warga, Paramparika ath beheth, Muthra dewillata ath beheth, Malabaddayata ath beheth, Semata beheth, Dath kekkumata manthara.
![]() |
| Sinhala ath beheth - allLankablog.blogspot.com |



gal thalumata beheth akka danna puluwanda
ReplyDeleteMata awrudu ganak idala peenase thadatama thiyenawa eka eka beheth gatta Eth Hari giye na
ReplyDeletePodi Hari seethala kamak kapu gaman eka hodata a wadi wenawa, kotinma bandakka, thakkali wage kisima elawaluwak kanna ba
Oluwa pahath karapu gaman wathura wage sotu galanawa
Mata meka nittawata suwa karaganna puluwan beheth tikak kiyanna
Onama kasaya wargayak Mata bonna puliwan
Thank you.
තක්කාලි නම් සීතල නෑ. ඌෂ්ණයි. වම්බොටු, බණ්ඩක්ක වගේ ඒව නම් කන්න එපා. කිරිපිටි බොන්නත් එපා. හවස 3.30න් පස්සෙ පපුව තෙමන්න එපා. ඇඟවත් සෝදන්න එපා. උදේට උනුවතුරින් නාන්න. කූල් ජාති බොන්න එපා. නිතර උණුවතුර බොන්න. කට්ට සම්බල් වගේ සැර ජාති නිතර කන්න. කාල සෙම ඇවිස්සුනාම කාරල දාන්න.
DeletePinase dan hodaida
DeletePeenase nittawata Hoda karaganna puluwan beheth tikak kiyanna
ReplyDeleteAwrudu ganak a idala me rogaya thuyenne Onama kasaya wargayak Mata bonna puluwan
Obata pin
ReplyDeleteBudu saranai niyamai
ReplyDeleteI am weerasiri
Nindedi Gera wenawata beheth tibeda????
ReplyDeleteGodak hoda lipiyak..
ReplyDeletecharunithisaravi@gmail.com
ReplyDeletethanks
ReplyDeleteWedagath thorathuru tikak. Thanks
ReplyDeletegodak watina lipiyak.thank
ReplyDeleteඉතා වටිනා බෙහෙත් රාශියක් දැනගන්න ලැබුනා කූඩලු විසට බෙහෙතක් දැනගනීමට හැකිනම් බොහෝ අගනේය මට කූඩැල්ලන් කෑ විගස තුවාල සැඩී සුව වීමට බොහෝ කල් යනවා
ReplyDeleteMe sinhala ath beheth tika godak watinawa.... godak sthuthyi.
ReplyDeleteAniwaaren
Deleteබොහෝම හොඳ දැනුවත් කිරීමක් ගොඩාක් ස්තූතියි,
ReplyDeleteDebara wisata behethak nedda?
ReplyDeleteHodai katuwaka visa yawana akaraya liyanna
ReplyDelete''hela ath beheth'' android app 1 nam niyamai.
ReplyDeletemama download karaa. recommend!
කටුවක් ඇනුනොත් රෑට නිදාගන්න කලින් පෙරුම්කායම් කෑල්ලක් අරගෙන වතුර ටිකකින් පොගවල රෙදි පටි කෑල්ලකින් ඔතන්න.
ReplyDelete(රෙදි පටියත් පොගවගන්න ඕන )
සියළු විස ඇදේ.
Dalabu visata mokadha karane?
Deleteගොඩක් පින්
ReplyDeleteMe pin balayen niwanmaga padewa...!!!
ReplyDeleteඔබතුමාටත් තෙරුවන් සරණයි!
Deleteසිංහල අපිට ගොඩක් වටිනව. බොහොම ස්තූතියි
ReplyDeleteKathawarak kiyanne mokadda
ReplyDeleteHodai
ReplyDeleteHodai
ඉතාමත් වැදගත් මම ඒ වීස්තර අරගෙන කියලා දෙන්නම්...මමත් බෙහෙත් කරනවා...ඔබතුමන්ගගේ සේවය අගය කරන්න ඕනෙ....මම අලුත්ම වෙදකමක් කරන්න උත්සාහය...මට 0718669451 අමතන්න පුළුවන් ද
ReplyDeleteපැහැදිලි මදි ඔබතුමා කියන දේ.
Deletebohoma sthuthi
ReplyDeleteGodak wedagath.mage munee aba at a tharam chuti bibili wageyak tiyanwa. Ewa suwa kara ganna behethak kiyanwa puluwanda
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteMage ammata godak kal idala tadha oluwe kakkumak tiyanwa.eka nitarama wage hadenawa.monawa kalath hoda wenne na.doctorsla nam kiwwe awuwe ekadigata wada karana nisa kiyala.mekata wisdumak kiyanna
ReplyDeleteGodak wayasaka kenekda?
DeletePpp wlata sinhala beheth nadda
ReplyDeletePpp wlata sinhala beheth nadda
ReplyDeletePpp wlata sinhala beheth nadda
ReplyDeleteප්‍රශ්නෙ පැහැදිලි නෑ
Deletegood 👍👍👍👍👍
ReplyDeleteස්තූතියි
DeleteMata ikili kasanawata behethak kiyannako eka kihillatath pethirila den.english beheth walata aduwak ne
ReplyDeleteසතියක් මහන්සි උනොත් ඕක නිට්ටාවටම හොඳ කරගන්න පුලුවන්.
ReplyDeleteකරන්න තියෙන්නෙ මේකයි. වැඩපල කරන්න තියෙන ඒව සතියකට නවත්තන්න. දාඩිය දාගන්නෙ නැතුව ඉන්න තරමට හොඳයි ඒ සතිය තුළ.
❤️කසන ප්‍රදේශය පැය 3කට වරක් සන්ලයිට් ගා සෝදන්න.
❤️සැහැල්ලු ඇඳුමක් අඳින්න.
❤️දාඩිය දාන්න වැඩ නොකර ඉන්න.
❤️නියපොතු නිතර කොටට කපන්න.
❤️රෑට නිදාගන්න කලින් සෝදගෙන පවුඩර් ටිකක් දාගන්න.
❤️තුවාල තියෙනව නම් කූඩැල්ලො දෙතුන් දෙනෙක් දම්මල තුවාලෙ තියෙන ජරා ලේ ටික හොඳට බොන්න දෙන්න. (මේක නම් එක පාරක් කරත් ඇති)
ඔයි ටික ගැන අවධානෙන් සතියක් කරන්න. අනිවාර්යයෙන්ම සුව වෙනවා.
Ktnatavathura giuama karanna ona they
Deleteසෙම්ප්‍රතිශ්‍යාව මාස 02ක් පමණ තියනවා පහසුවෙන් සොයාගන්න පුළුවන් බෙහෙත් ටිකක් කියන්න පුළුවන්ද
ReplyDelete��සීතල කෑම මොකුත්ම කන්න එපා. ��නිතර මද රස්නෙන් වතුර බොන්න. ��ඇල් වතුර බොන්නම එපා.
Delete��3න් පස්සෙ නාන්න එපා.
��ටිකක් කලින් නිදාගන්න. නිදි මැරුවොත් වැඩි වෙනව.
��කොත්තමල්ලි හෝ පස්පංගුව දින දෙකතුනක් නොකඩවා බොන්න.
��දවසට දෙපාරක් හොඳට හුමාලය අල්ලන්න.
��උගුර රිදෙනවනම් සිද්ධාලේප ටිකක් ගාන්න. නිදාගන්න කලින් ලුණු වතුරෙන් කට සෝදන්න.
ඔය ටික කරල බලන්න.
මලකඩ කාපු ඇනයක් ඇනුන විට කුමක් කරන්නද කඩිනමින් පිළිතුරක් ලබා දෙන්න
ReplyDeleteහොඳට සෝදල පෙරුම්කායම් ටිකක් බැදගෙන නිදාගන්න. පෙරුම්කායම් ටික ගැටගහන්න කලින් රෙදි පටි කෑල්ල පොඟවගෙන ඉන්න... බරපතලයි නම් පිටගැස්ම එන්නත විදින්න වෙයි.
DeletePodi ළමයින්ට බෙහෙත් කරන්න මි හරක් අං ගන්නවාද?
ReplyDeleteසමහර වෙලාවට ගන්නව වෙන්න පුලුවන්...
DeleteLingika enno valata Beth monawada
ReplyDeleteStretch marks walata beheth nadda
ReplyDeleteකාලයක් පවතින බඩ පුරවා දැමීම ,හුස්ම ගැනීමේ අපහසුතාවය,පිට කොන්ද මැද වේදනාව,කොන්දේ වේදනාව සහ කලවා කෙන්ඩ වේදනා,හිසරදය,ඇවඇවිදගෙන යන විට කරැකැවිලි සොබහවය,බඩ වියලීම හෝ වැසිකිළි බුරුලට යාම,නසය අවහිර වීම,කන් කැසීම සහ කන් අගුල් වැටීම,උගුර වේදනාව සහ කටේ තුවාල,මුත්‍රා දැවිල්ල,වැසිකිළි යාමේදී දැවිල්ල සහ ස්නානයෙන් පසු මෙම රෝග ලක්ෂණ වැඩි වීම.ශරීරයේ අප්‍රාණික බව උකුල් ප්‍රදේශය සිට මුත්‍රා මාර්ගය දෙසට ඇති වන වේදනාව.මෙම රෝග ලක්ෂණ පවතී.කරුණාකර ප්‍රතිකාරක් පවසන්න.ඔබට පින්!!!
ReplyDeleteමුලින්ම බඩ විරේක කරගෙන පණු බෙහෙත් බොන්න. නිවා ගත් උණු වතුර මද රස්නෙන් නිතර බොන්න. පළා වර්ග සහිත සමබල ආහාර වේලක් ගන්න උත්සාහ කරන්න. කතුරුමුරුංග හොඳටම හොඳයි කටේ තුවාල වලට. උදෑසන කාලයේ පමණක් ස්නානය කරන්න. කෙසේ වෙතත් හොඳ සිංහල වෙද මහතෙක් හමු වීම වැදගත් ය.
DeleteVery good 👍
ReplyDeleteKiyuu karunu hamadetama godak pin!
ReplyDeleteසමහර තෙල්ස වර්කෙග ගාලා අව්ස්වවෙ ගියාම කොන්ඩෙ යනවා.හිසකෙස් වර්ධනයට හොදම තෙල් එකක් කියනවද
ReplyDeleteමගේ වලලුකරට ඉහලින් ඉදිමෙනවා.එයට බෙහෙතක් කියන්න.
DeleteGodaaak pin
ReplyDeleteGodaak pin
ReplyDeleteNodanna dewal kiyala denawata godak pin budu saranai
ReplyDeleteSuda yana ekata beheth monada
ReplyDeleteUgure katu hiraunama monada karanne
ReplyDeleteViluba wedanawata behethk kiynwada
ReplyDeleteMage ugure monahari hirawela wage denenawa godak apahasui behethak thiayanawada
ReplyDeleteආර්තවය ක්‍රමවත් වීමට බෙහෙත් මොනවද
ReplyDeleteHodai
ReplyDeleteKane thuwalawalata behethak kiyannako pz
ReplyDeleteKane thuwala sadaha beheth nadda
ReplyDeleteGodak pin.
ReplyDeleteMahath wenna ganna behaht
ReplyDeleteGodak pin
ReplyDeletePanuwan gewunama.. monawada beheth
ReplyDeleteSemata hoda behetak kiyanna sema heduna gaman pita kahanawa
ReplyDeleteAga kasa kalu we beheth tiad ath pa pita tattam
ReplyDeleteKisim ingrisi bethkt hoda na kohomba attora waturin tamba seduw
ReplyDeleteMata kessak thiyenawa awuruddak witara adu wennema ne.monawada beheth thiyenne
ReplyDeleteGood
ReplyDeleteMata kalayak tisse papuwe hatiya hedenawa.ekata inheler gaththama hatiya adu wenawa.eth nitarama kivisum yanawa.ugura kasanawa.moona kasanawa.ekakata beheth
ReplyDeletebeewama tawa ledak hedenawa.semata beheth bona nisa konde hodatama yanawa.peenasa gatiya nisa konde sudu wenawa ikmanata.wisadumak tiyeda nittawata.im 32 yers old
Mage pite podiyata oil gefiyak tiyenaea behetsk kiysnns pulueanda
ReplyDeleteGastik walt behethk kiynnkooo
ReplyDeleteසුදූ කබර රෝගයට මේ ප්‍රතිකාර හොදයි ද...?...සනීප උනු කෙනෙක් ඉන්නවද ....??...
ReplyDeleteKubal wisat saha kladuru wisat beheth monwad
ReplyDeleteSudu kabara රෝගයට dina keeyak iriweriya alu ganna onida
ReplyDeleteDathwala perani vita kahata yawanna behethak kiyannako
ReplyDeleteක්‍රීඩා කරන වයස අවු: 14 පිරිමි ළමයෙකුට එයාගෙ ශක්තිය වැඩි කරගන්න , මස්පිඩු වැඩීමට අතුරු ආබාධ නැති හෙළ කැද වර්ග හෝ පාන වර්ග තියෙනවද ? දෙන්න ඕනෙ කෑම වර්ග මොනවද ? සෙම ලෙඩ වලින් පරිස්සං කරගන්න ප්‍රතිශක්තිය වැඩි කරගන්න පුලුවන් හෙළ අත් බෙහෙත් මොනවද ?
ReplyDeleteYakadayakata atha thalunama karanna puluwan beheth monwada.🙏🙏
ReplyDeleteSemata kasaya wattoruwak kiyannako
ReplyDeletePapuwe wampasa ,thaneta ihalin naharayak geta gesee atha athagaddi getithi 3k ahuwenawa,eka ridenawa ,thaneta phalinuth ewage thiyenawa. meka nethikaraganna ganna thelak needa,nethnam mokada karanna ona.
ReplyDeleteකලං එකක් ග්රැම් කියද
ReplyDelete5g
DeleteSahenna pin mewa dana ayata nam🫵🏻💎❤️🔥
ReplyDelete