අයි.පී. ඇඩ්‍රස් යනු....



අයි.පී. ඇඩ්‍රස් යනු....???


IP Address එකක් කියන්නේ අප කුමන හෝ Network එකක් සකස් කිරීමේදී එම Network එකෙහි ඇති එක් එක් උපාංග (පරිගණක, ජාලාකරණ උපාංග..........) වැනි දෑ එකින් එක හදුනා ගැනීමටත් එම එක් එක් උපකරණ එකින්එක සම්බන්ද කිරීමටත් මෙම IP Address බොහෝ සෙයින් වැදගත් වෙනව..

අප Network එකක් සැළසුම් කිරීසුම් කිරීමේදී IP Address අපිට කැමති පරිදි එක් එක් උපකරණ සදහා Assign කිරීමට බැහැ. ‍මේ සදහා පිළිගත් ක්රංමවේදයක් තියනව. අප නිවරදිව Network එකක් සකස් කිරීමේදී එහි ඇති උපාංග ගනන, එම Network එකට සම්බන්ද කරන Network ගණන වැනි දෑ ගැන අපට ගොඩක් සැළකිලිමත් වෙන්න වෙනව. ඔන්න ඔය වගේ දෙ‍යකට තමයි මුලිකවම IP Address එකක් කියන්නේ.


IP Address හදුනාගනිමු

දැනට ලෝකයේ IP Address වර්ග 2ක් බාවිතා කරනව. ඒව තමයි...
• IPv4
• IPv6
IPv4 තමයි දැනට ලෝකයේ වැඩියෙන්ම පාවිච්චි කරන IP Address වර්ගය. ඒ උනත් IPv6 වේග‍යෙන් ලොවපුරා ඇති Network සදහා යොදාගනිමින් පවතිනව.

IPv4 Address එකක ප්ර්ධාන කොටස් 2ක් තියනව..
1. Network ID
2. Host ID
පසුව කියල දෙන්නම් මේ කොටස්2ක ගැන.දැන් ඔබට අදුන්වල දෙන්නෙ IPv4 වර්ගයේ IP Address Network එකක් තුල යොදාගන්නා ආකාරයයි.ඊට කලින් අපි බලමු කොහොමද මේ IP Address එකක් හැදෙන්නෙ කියල

• IPv4 Address එකක් හැදෙන්නෙ Bit32ක එකතුවකිනුයි. මොනවද මේ Bit කියන්නෙ.පහත උදාහරනයෙන් ඔයාලට ඒක තේරුම් ගන්න පුලුවන්.



අප යම් සංඛ්යාමවක් 2 පාදයෙන් ලිවීමේදී එහි ඇති 1 හා 0 අප Bit ලෙස හදුන්වනව.

කොහොමද සංඛ්යාවක් 2 පාදයෙන් ලියන්නේ....


Network address එකක එක් ඉළක්කම් ඛාන්ඩයක් සදහා අපට 
යෙදිය හැකි උපරිම සංඛ්යාකව වන්නේ 255 (27 )යි.
20 = 1
21 = 2
22 = 4
23 = 8
24 = 16 එකතුව 255 යි.
25 = 32
26 = 64
27 = 128
එනම් විශාලතම Network address වන්නේ 255.255.255.255 යි.
දැන් මම ඔයාලට කියල දෙන්නම් කොහොමද සංඛ්යා වක් 2 පාදයට හරවන්නෙ කියල.
අපි ඉහත උදාහරණයම ගමු.



දැන් ඉතුරු සංඛ්යාග ටික අවසානයේ සිට ඉහලට ලියන්න.. 11000000 මේ විදියට තමයි දහයේ පාදයේ සංඛ්යා වක් 2 පාදහයන් ලියන්නෙ.Network address එකක්2 පාදයෙන් ලිවීම තුලින් අපට Network එකක් සැකසීමේදී එම Network එකට අවශ්යන Host (පරිගණක) හා Network ගණනට සරිලනම Network addressපරාසය සකසාගතහැක. 

IP Address Classes





අප භාවිතාකරන IP Address ජාත්යලන්තර සම්මතයකට අනුව පංතීන් කිහිපයකට බෙදා ඇත.මෙම IP Address Classes නිර්මානය කිරීම සදහා පදනම්කරගෙන ඇත්තේ Network එකක විශාලත්වයයි. ඒ කියන්නේ කුඩා Network සදහා එක් පංතියක්ද, මධ්ය් පරිමාන Network සදහා එක් පංතියක්ද, මහා පරිමාන Network සදහා එක් පංතියක්ද වශයෙනි. ඒ අනුව ප්රිධාන වශයෙන් අපට IP Address Classes තුනක් දකින්න පුළුවන්.

1. Class A: 1-126 උදා -10.50.230.23
2. Class B: 128-191 උදා - 172.5.2.221
3. Class C: 192-223 උදා - 192.168.50.10
IP Address එකක ඇති පළමු සංඛ්යාw කාණ්ඩය මගින් අපට IP Address Classes එක හදුනාගන්න පුළුවන්..දැන් අපි බලමු එක් එක් IP Address Classes එකට ඇතුලත් කළහැකි Host ප්ර.මානය හා Network ප්රුමානය. 
• Network ID: IP Address එකක Network ID මගින් එම IP එක assign කර ඇති Host එක කුමන Network එකට අයත් දැයි පෙන්වයි. එසේම Network එකකදී IP Address එකක Network ID එක නොවෙනස්ව පවතී.
• Host ID: IP Address එකක Host ID එක ලෙස හදුන්වන්නේ Host එකකින් එකකට IP Address එකෙහි ‍වෙනස්වන කොටසයි.මෙය සැමවිටම එකම Network එකක් තුල එක් එක් Host එකට assign කරන IP එකෙහි වෙනස් විය යුතුයි. 
""සෑමවිටම Network එකක IP Address එකෙහි Network ID එක නොවෙනස්වන අතර Host ID එක සැමවිටම වෙනස්වේ""





IP Address Class හි Network ID එක හා Host Id එක

1. Class A: Net. Host. Host. Host

2. Class B: Net. Net. Host. Host

3. Class C: Net. Net. Net. Host



Default mask (Subnet Mask) හි වැදගත්කම.

IP Address Class එකක Network එකකට අයත්වන Host සංඛ්යා ව (Number of host per Newtwork) හදුනාගැනීමට අපට Subnet mask එක ඉතා වැදගත් වෙනව. IP Address Classesවල Subnet Mask එක සෑදී ඇත්තේ එක් එක් IP Class වල Network ID එකට අඩංගු කරන්න පුළුවන් උපරිම 1 Bit වලිනුයි. ඒ කියන්නේ Network ID එක දෙකේ පාදයෙන් (Binary) වලින් ලියන්න පුළුවන් උපරිම සංඛ්‍වනාවයි. IP Address එකක සංඛ්යාේ කාණ්ඩයක් හැදිල තියෙන්නෙ 27 බලයෙනුයි. ඒ අනුව අපිට පහත ආකාරයට එක් එක් IP Address Classes වල Subnet Mask එක ලබාගන්න පුළුවන්.



Class A: Net. Host. Host. Host
Binary වලින්: 11111111. 00000000. 00000000.00000000
Subnet Mask එක: 255.0.0.0

Class B : Net. Net. Host. Host
Binary වලින්: 11111111. 11111111. 00000000.00000000
Subnet Mask එක: 255.255.0.0

Class C : Net. Net. Net. Host
Binary වලින්: 11111111. 11111111. 11111111.00000000
Subnet Mask එක: 255.255.255.0
• IP Address එකක් Host එකකට Assign කිරීමේදී අනිවාර්ෙයන්ම Subnet Mask එකද ඇතුලත් කළ යුතුයි.......



මොනවද මේ Network Bits, Host Bits කියන්නෙ.

එක් එක් IP Address Classes වල Subnet Mask වල තියනNetwork Bits, Host Bitsමොනවද කියල අදුනගත්තට පස්සේ අපිට හරියටම එක් එක් IP Address Classes වලට දාන්න පුළුවන් Networkගණනයි Network එකකට දාන්න පුළුවන් Host ගණනයි හරියටම හොයාගන්න පුළුවන්.
එක් එක් IP Address Classes වල Subnet Mask එක දෙකේ පාදයෙන් (Binary) විදියට ලියපුවාම ඒකෙ තියන 1 ඒවා Network Bits විදියටත් 0 වේ ඒවා Host Bits විදියටත් හදුන්වනව. Network Bits ගණනෙ 2කේ පාදය බලය එම Network Address එකේ Network ගණනත් Host Bits ගණනෙ 2කේ පාදය බල‍යෙන් 2ක් අඩුකලාම එම Network Address එකේ එක් Network එකකට අයත්වන Host ගණනත් පෙන්වනව. 
දැන් අපි බලමු එක් එක් IP Address Class වලට දාන්න පුළුවන් Network ගණනයි Network එකකට දාන්න පුළුවන් Host ගණනයි.
උදාහරණ:


මේ විදියට අපිට අනිත් IP Address Classes වලත් හොයන්න පුළුවන්.....


F

0 comments: